හිටපු ජනාධිපතිවරු එක්ක ජනපති හිමිකම් පනතට විරුධව උසාවි යන පුවත අසත්‍යක් - හිටපු ජනපති චන්ද්‍රිකා
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට විරුද්ධව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට විරුද්ධව මෙසේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය ඉකුත් දා වාර්තා කර ඇති බව සඳහන්.
එසේ වුවත් අඳාළ පුවත මුළුමනින්ම අසත්‍ය බවත් එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නැති බවත් එම මාධ්‍ය ඒකකය පවසයි.