සංචාරකයන් පිස්සු වට්ටපු ආරුක්කු නවයේ පාලමට AI කරපු හරියක්[VIDEO]

Report

ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැකීමෙන් එය සැබෑවටම දැකගැනීමට පැමිණ අපහසුතාවට පත්වන දෙස් විදෙස් සංචාරකයින් සම්බන්ධ පුවතක් වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ එම ප්‍රදේශයේ විශේෂ ආලෝක පද්ධතියක් සැකසෙමින් පැවතුන ද එය තවමත් සාදා අවසන් නැති බවයි.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

කෙසේ වෙතත් ආරුක්කු නවය පාලම, නයින් ආර්ච් බ්‍රිජ් ඇල්ල සංචාරක කලාපයේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස හැඳින්වේ.

විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීමටයි.

ඒ අනුව ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවදුරටත් වැඩි කරගැනීමට එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇති බව සඳහන්.

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඒ වෙනුවෙන් මේ වන විටත් විශේෂ අලෝක පද්ධතියක් ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව සඳහන්.

එසේ වුවද ආරුක්කු නවයේ පාලම ආලෝකවත් කර ඇති බවට පෙන්වන කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ නොමඟයවන සුළු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයින් එය සත්‍යයක් යැයි සිතා මෙම ස්ථානයට පැමිණෙන බව පවසයි.

තවත් දරුණු අනතුරකින් පුංචි මල් කැකුළක් ජීවිතක්ෂයට

තවත් දරුණු අනතුරකින් පුංචි මල් කැකුළක් ජීවිතක්ෂයට

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම