මහ බැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට තරු පෙන්නන්නයි යන්නේ.
2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595/- ක පාඩුවක් සිදුකරමින් දුෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළා.
ඒ, අනුව අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව චූදිතයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව සඳහන්.
මෙහි චූදිතයින් වන්නේ,
1. නිවාඩ් අපිත් ලෙස්ලි කබ්රාල්, හිටපු මහ බැංකු අධිපති
2. කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ
3. බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා
4. චින්ද්‍ර සිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන
5. හරංකහ ආර විලාගේ කරුණාරත්න