පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

Fuel Price In Sri Lanka Champika Ranawaka Sri Lanka Politician Sri Lanka Fuel Crisis
By Wayomi Aug 21, 2024 07:40 AM GMT
Wayomi

Wayomi

Report

රාජපක්ෂලා සහ රට බංකොලොත් කරන්න දායක වෙච්ච කට හැකර නඩයයි බිංදුවට බස්සන්න සැප්තැම්බර් 21 අවස්ථාවක් එනවා’ යයි එක්සත් ජනරජ පෙරමුණේ නායකල පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


ඒ, නීලම්මහර ප්‍රදේශයේ දී පැවැති ජන හමුවකට එක් වෙමින්.

“සැප්තැම්බර් 21 වෙනිදා ඔබ අප සියලු දෙනාටම අතිශය වැදගත් ජනාධිපතිවරණයක් එනවා. ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බරපතළ කරුණු ගණනාවක් සිද්ධ වූ රටක. අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි බංකොලොත් රටක් හැටියට 2022 අප්‍රේල් 12 වෙනිදා ප්‍රකාශ කළා. මේ රටේ නිදහස අහිමි වුණා 1815 මාර්තු 02 වෙනිදා. එදා අපේ ස්වෛරීභාවය අහිමි වුණාට පස්සේ නැවත වතාවක් අපේ ස්වෛරීභාවය අහිමි වුණේ ඒ 2022 අප්‍රේල් 12.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


දැන් මේ රටේ පාලනය කිරීමේ අනාගතය තීරණය කිරීමේ බලය අපේ රටේ ජනතාවට සම්පූර්ණයෙන්ම නැහැ. අපේ ණය හිමියන් තමයි අද රට පාලනය කරන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා අපි උනත් ව්‍යාපාරයක් කරන්න බැංකුවකින් ණයක් ගත්තහම ඒ ණය ගෙවා ගන්න බැරි වුනහම අපේ ඉඩම් දේපල බැංකුවට සින්න වෙලා. ඒ බැංකුව අපේ අයිතිකාරයා වෙනවා වගේ තත්ත්වයක් තමයි අද ශ්‍රී ලංකාවට ඇති වෙලා තියෙන තත්ත්වය.

දෙවෙනි කාරණය මේ රටේ ඇති වූ ඒ අරගලයත් එක්ක, මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගැන විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවේ විශාල වේදනාවක් එක්ක ඒ දේශපාලන පක්ෂත් එක්ක කෝපයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඇතැම් අය ඒ කෝපාග්නියෙන් ප්‍රයෝජන ලබන්න උත්සාහ කරනවා මේ අවස්ථාවේදී. වෙනද නම් ඡන්ද තියන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි එක්ක.

මේ පාර ඒ මැතිවරණය විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර එනම් සමගි ජන බලවේගයයි, ජාතික ජන බලවේගයයි අතර සටනක් බවට පත්වෙලා තියෙනවා. ආණ්ඩුව ගැන අද කතා කරන්න කිසිම කෙනෙක් නෑ. මේ රටේ අද නොයෙක් දෙනා නොයෙක් දේවල් කියනවා.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.


අපි එදා 2014 බොහොම අභියෝග මැද තමයි අපි එළියට ආවේ. එළියට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අභියෝග කළේ. ඇයි? එතුමා රට බේරගත්තයි කියලා බොහෝ දෙනෙක් එතුමාට ගෞරවය දුන්නට අපි නොහිටින්න එතුමා ඒ යුද්ධෙට යන්නෙත් නෑ. කෙසේ නමුත් ඒ යුද්ධයෙන් රට නිදහස් වුණාට පස්සේ එතුමයි, එතුමගේ පවුලේ අයයි රට කොල්ල කන්න ගියාට පස්සේ ඒ ගැන අනතුරු අඟවලා තමයි අපි එදා ඉදිරි පය තැබුවේ ඉදිරියට. අපිට පුළුවන් වුණා අපරාජිතව හිටපු මහින්ද රාජපක්ෂව පරාජය කරන්න.

ඒ වගේම මේ කැස්බෑව, මහරගම, හෝමාගම වැනි ප්‍රදේශවල මහා දැවැන්ත වැඩි ඡන්දයක් තිබුණු මහින්ද රාජපක්ෂ කඳවුර ඒ වැඩි ඡන්දය අවම කරලා එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. ඡන්ද හත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරගෙන ඒ මහ මැතිවරණයත් අපි ජය ලැබුවා. ඒ වගේම 2019 දිත් අපි වෙන කොහේවත් ගියේ නෑ ඒ කඳවුරේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වුණා.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහි වුණේ එතුමාට ඒ ජනාධිපතිවරණය නෙවෙයි රට ඉදිරියට ගෙනියන්න හැකියාවක් නැති බව අවබෝධ කරගෙන. ඒක මැතිවරණයේදීත් ඔප්පු වුණා එතුමාට ඉතාමත්ම අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබීම. ගෝඨාභය බලයට පත්වෙලා අත්අඩංගුවට ගත්තේ මුලින්ම මාව. හිතුවා අපිව මර්දනය කරන්න පුළුවන් වෙයි කියලා. හිතුවා අපිව බය කරන්න පුළුවන් වෙයි කියලා.

නමුත් අපි ඒ අරගලය ඉදිරියටම ගෙන ගියා. ඒ වගේම ඔහුටත් අන්තිමට රට දාලා යන්න සිද්ධ වුණා. මාව අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම ඔහුට විවෘතව කිව්වා ඔහුව මේ රටේ ආරක්ෂක ලේකම් කරන්නත් අපි තිරෙන් පිටුපස වැඩ කරපු අය. අපි නෙවෙයි අද ජනතාවගේ හිරගෙදර ඉන්නේ ඔබතුමයි කියලා එතුමාට අපි කිව්වා. දැන් ඒ සියල්ල සැබෑ වෙලා. ඒ රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගෑවිලා යන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ.

ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.

ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.


2022 ජූලි 09 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්දෙන් නෙමෙයි මහජන නැගිටීමකින් මේ රටේ ආණ්ඩු පෙරළියක්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පලවා හැරීමක්, ආණ්ඩුව පලවා හැරීමක් සිද්ධ වුණා. හැබැයි ඉන් පස්සේ නැවතත් දැන් මේගොල්ලෝ පම්පෝරි ගහගෙන එනවා. මේ රටේ උසස්ම අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කිරීමේ වගකීම, එහි වරද මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්තයාට ලබාදීලා තිබුණත්, බැසිල් මහත්තයලා, මහින්ද මහත්තයලා ආයෙත් පොහොට්ටුවේ නමින් නාමල් පුතා ගේනවා. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ හිරේ දාන්න එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ හිරේ දාන්න දැඩි දඬුවම් දෙන්න බොහෝ දෙනෙක් කතා කරනවා නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයට බැසිල් මහත්තයට දෙන්න තියෙන හොඳම දඬුවම තමයි නාමල් පුතාව බින්දුවට බස්සන එක කියන එක.

ඒ නිසා සැප්තැම්බර් 21 වෙනකම් මන්තරේ වගේ මතුරන්න පුලුවන්නම් රාජපක්ෂලාට බින්දුවයි රාජපක්ෂලට බින්දුවයි කියලා ඒක තමයි මහින්ද මහත්තයට ඉතිරි ජීවිත කාලයේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම. අන්න ඒ දඬුවම දෙන්න ඔබට අද්විතීය අවස්ථාවක් මේ ජනාධිපතිවරණයේ ලබන 21 වෙනිදට ලැබෙනවා. ඊළඟට ඔබට මතක ඇති ගෝඨාභය බලයට ආවේ කොහොමද කියලා.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.


රටක් බියවද්දලා මහා පරිමාණ ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා කියලා සිංහල බෞද්ධකම ඉතාමත්ම පහත් විදිහට පාවිච්චි කරලා මුස්ලිම් ජනයා ගැන විශේෂයෙන්ම අර ශාපි ශාබ්දීන් වැනි වෛද්‍යවරු ගැන සම්පූර්ණ බොරු කතා පතුරවලා බෞද්ධයෝ ඉතාම ආඩම්බරයෙන් හිටපු සත් සතියේ හිටපු මුචලින්ද නාග රාජයාවත් කැළණි ගඟෙන් මතු කරලා රටේ මාධ්‍ය නාටකයක් මගින් තමයි කරලියට ආවේ.

අර හිටියා කට හැකරයෝ දෙතුන් දෙනෙක් රට වටේ උස්සන් කියාගෙන ගියේ මේ ඉන්නේ දුටුගැමුණු මේ ඉන්නේ ධර්මපාලතුමා කිය කිය මේ රට රැවැට්ටුවා. ඒ වගේම මේ රටේ මිනිස්සු ඒ නාටකයට රැවටුණා. ඒ වගේම ඒගොල්ලන්ට දුන්නා බලගතු අමාත්‍යාංශයක්.තෙල් පෝලිම් හැදුවේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ අමාත්‍යාංශ භාර දීපු වැඩ බැරි ඇමතිලා ටික එක්කහු වෙලා තමයි. දැන් ඒගොල්ලෝ පොහොට්ටුවෙන් ගැලවිලා වෙනම ඇවිල්ලා තියෙනවා.

අන්න ඒ ගොල්ලන්ටත් ඒ 2019 අපිව රවට්ටලා හෙළ ගොවිතැන නමින් මේ රටේ තිබුණු ගොවියාව විනාශ කරපු, ධම්මික පැණිය ගෙනල්ලා තිස්දාහක් කොවිඩ් වලට බිලි කරපු ඒ විතරක් නෙවෙයි තෙල්, පෝලිම් හදලා, මිනිස්සු තෙල් පෝලිම්වල මරවපු, විදුලි අර්බුදයක් හදලා, විදුලි අර්බුදයෙන් රට අර්බුදයට යවපු ඒ කණ්ඩායමත් අද මැතිවරණයට ඇවිල්ලා තියෙනවා. අන්න ඒගොල්ලන්වත් බිංදුවට බස්ස ඒ කට හැකර නඩය සදහටම දේශපාලන කුණු කූඩෙට දාන්න ඔබට රත්තරන් අවස්ථාවක් ලබන සැප්තැම්බර් 21 ලැබිලා තිබෙන බව මතක තබා ගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා එතුමා ස්ථාවරත්වය ගෙනාවයි කියලා. එතුමා ස්ථාවරත්වය ගෙනාවේ කොහොමද? ණය ගෙවීම කල් දමලා සියලුම.

අපි 2028 ඉඳන් තොග ගානේ ගෙවන්න ඕන. සියලුම ඩොලර් ණය අපි 2028 ඉඳන් 2039 වෙනකන් අඛණ්ඩව ගෙවන්න ඕනේ. මේ පරණ ණය, ඒ නිසා තමයි දැන් මේ තාවකාලික තත්වයක් ඇතිවෙලා තියෙන්නේ, ඒක පළවෙනි දේ. ඊළඟට අද ලයිට් තියෙනවා තමයි, අද තෙල් පෝලිම් නෑ තමයි. අද ගෑස් තියෙනවා තමයි. අද බෙහෙත් තියෙනවා තමයි, අද පොහොර තියෙනවා තමයි නමුත් මොකක්ද ඇත්ත? අද බෙහෙත්වල මිල ගණන් හතර පස් ගුණයකින් වැඩියි.

පොහොර මිල ගණන්. රුපියල් 350 ට තිබිච්ච පොහොර මිටි, රුපියල් 1500ට තිබිච්ච පොහොර මිටිය, අද රුපියල් 9000-11000 යි නේද? ඒ වගේම, එදා අපි, යහපාලන කාලේ, මම තමයි බලශක්ති ඇමති. තෙල් ඇමතිකම කළා. මතකද? රුපියල් 157 ට තිබිච්ච පෙට්රල් අනූ දෙක අපි රුපියල් 114 ට දුන්නා නේද? රුපියල් 134 ට තිබිච්ච ඩීසල් අපි රුපියල් 95 ට දුන්නා නේද? අපි ඒ සහන දීලත් ඒ තෙල් සංස්ථාව ඉදිරියට ගෙනිච්චා නේද? ඒ විතරක් නෙවෙයි.

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?


විදුලි බල ගාස්තු රුපියල් 16.20 ට තිබිච්ච ඒකකය අපි 15ට ගෙනල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ලාභ කරලා පෙන්නුවා නේද? එදා මේ බන්දුල චන්ද්‍රසේකර මහත්තයා තමයි ලංකා විදුලිබල සමාගමේ සභාපතිවරයා හැටියට ඒ සහන ඔබට ලබා දුන්නේ. ඒ විදියට අපි කරන්න බෑ කියපු වැඩ ටික කරලා පෙන්නුවා. නමුත් දැන් මොකද කරලා තියෙන්නේ? අද විදුලිබල මණ්ඩලය ලාභ කරලා තියෙන්නේ තුන් ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරලා කොච්චර වැඩි කරලද කිව්වොත්, මේ වැස්සත් එක්ක මහා විශාල ලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට එනවා.

මේ පසුගිය මාස පහේ විතරක් ඔවුන්ට ඇවිල්ලා තියෙන ලාභය සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙන්ම රුපියල් 15,000 ක්. රුපියල් 15000ක් ඔබෙන් වැඩිය අරන් තියෙනවා. දැන් අපි ගෙව්වේ නැත්නම් ලයිටුත් කපලා අමතර දඩයකුත් ගහනවා. අපෙන් ගත්තට පස්සේ ඒ ගැන කතා බහක් නැහැ. තෙල් මිල ගත්තොත් රුපියල් 195 ට අද පෙට්‍රල් ලීටරයක් එන්නේ මේ රටට. විකුණන්නේ 350යි. රුපියල් 200ට මේ රටට ඩීසල් ලීටරයක් එන්නේ. විකුණන්නේ 340ට. අන්න එහෙම දැවැන්ත බදු දැවැන්ත ලාභ උපයලා තමයි අද මේ රටේ මේ මහා සමතයක් ඇති කළා කියන්නේ. මේක සමතයක් මේක ස්ථාවරත්වයක්ද? නෑ.

සම්පූර්ණයෙන්ම මේ අර්බුදයට වගකිව යුතු ජාවාරම්කාර පිරිස වෙනම තැනක ඉන්නකොට මේ අර්බුදයට කිසිම විදිහකට වගකීමක් නැති, අසරණ ජනතාව මත බර පටවලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ස්ථාවරත්වය ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම එන්නෙ කවර ආණ්ඩුවක්ද? ඒ ආණ්ඩුවට 2028 ඉඳන් ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි මතක තබා ගත යුතුයි. නැවත වතාවක් ජනතාවට සහනයකුත් දීලා ආර්ථිකයත් වර්ධනය කරලා ණය ගෙවන්න පුළුවන් රටක් හදලා අපේ දරුවන්ට අනාගතය ගෙනියන්න කියන එක අපි බලන්න ඕන මේ මැතිවරණයේදී.

අන්න ඒ නිසයි අපි හොඳට තක්සේරු කරලා මේ සමගි ජන සන්ධානය ශක්තිමත් කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවලා මේ රට මේ ස්ථාවරත්වයෙන් වර්ධනයක් තියෙන රටක් බවට ඒ වගේම සහන අවශ්‍ය මිනිස්සුන්ට සහන ලබා දෙන තැනක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. කැස්බෑවේ, මේ ප්‍රදේශ විශාල වශයෙන් ඒ කාලේ රත්තනපිටිය ආදී ප්‍රදේශ, දිවුල්පිටිය, වතුරෙන් යට වුණා. ඒකට ගෝඨාභය මහත්තයා වැඩපිළිවෙලක් හැදුවා.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණයක් අරගෙන. ණය ගෙවලා තිබුනෙ නෑ. අපි එදා ඉඩම් සංවර්ධන සංස්ථාව හැටියට ඒ වැඩපිළිවෙළ ගෝඨාභය කොරන්න ගත්තා. වැඩේ කෙළවුණා කියලා අපි අත ඇරියේ නෑ. කැස්බෑව ගංවතුරෙන් නිදහස් රටක්. නිදහස් කලාපයක්. කොළඹ නගරය ගංවතුරෙන් නිදහස් ප්‍රදේශයක්. ඒ වගේම පාර්ලිමේන්තුව අද ගංවතුරෙන් නිදහස් කලාපයක්. අපි දැවැන්ත ව්‍යාපෘති කරලා, උමං මාර්ග හදලා, ඇල මාර්ග හදලා ඒ ප්‍රශ්නය විසඳුවා.

කොළඹ කුණු කඳු කඩා වැටෙද්දී, මිනිස්සු ඒවාට යටවෙද්දී අද කොළඹ කුණු කඳු ගැන කතා කරන්නේ නෑ. කොළඹ කසළ වලින් අද විදුලිය නිපදවන ව්‍යාපෘතියක් අපි ගෙනාවා. ඒ වගේම අපි මේ රටේ, මේ කලාපයේදී ප්‍රධානම ප්‍රශ්නය, ප්‍රවාහන තදබදයට අපි විසඳුම ගෙනාවා. මොකක්ද? අපි මේ රටට හොඳ බස් රථ ඇණියක් ගේන්න වැඩපිළිවෙළ සකස් කළා. අපි හැදුවා මාකුඹුරේ හොඳ ප්‍රවාහන මධ්‍යස්ථානයක්. කඩවත හොඳ ප්‍රවාහන මධ්‍යස්ථානයක්. අපේ ඊළඟ ඉලක්කය තිබුණේ මොරටුවේ හොඳ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න.

හදලා සැහැල්ලු දුම්රිය සේවයක් මොරටුවෙන් පටන් අරන් කටුබැද්දට ඇවිල්ලා, කටුබැද්දෙන් පිළියන්දල මේ 120 මාර්ගයේ කිරුලපනෙන් මරදානට සම්බන්ධ කරන්න තමයි අපි හිතන් හිටියේ. එදා මේ කැස්බෑවේ ජනතාව අර තක්කඩි කටවල් වලට රැවටිලා අර තක්කඩි මාධ්‍ය ක්‍රියාවලියට රැවටිලා ගෝඨාභය රාජපක්ෂ කියන ඒ මෝඩ ජනාධිපතිව ගෙනාවේ නැත්නම් මේ දෙසැම්බර් මාසේ ඔබ සියලු දෙනාටම ඒ එකේ තද බදෙන් තොරව කොළඹ යන්න අවස්ථාව අපි උදා කරලා දෙනවා. ඒක නැති කළා මේ රටට. අපි මෙතන හිටගෙන ඉන්නේ නිකන් කතා පවත්වලා නෙවෙයි.

අපි මේ රටේ බලගතු වෙනස්කම් කරන්න දායක වෙච්ච පිරිසක්. ඒ නිසා අපට විශ්වාසයි මේ රට වර්ධනයක් කරා ගෙනියන්න අලුත් ආර්ථික පිම්මක් පනින්න අපට මේ සමගි ජන සන්ධානයට ශක්තියක් තිබෙන බව. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණ අලුත් පක්ෂයක් හැටියට කියලා, අලුත් ව්‍යාපාරයක් හැටියට කියලා ඇවිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණේ 1964 මැයි 14. හරියටම අද අවුරුදු 60 ක්. අලුත් පක්ෂයක් නෙවෙයි. ඒ වගේම මාලිමාව අලුත් ව්‍යාපාරයක් නෙවෙයි. ගියවර මැතිවරණයටත් ඉදිරිපත් වුණේ මාලිමාවෙන්.

දැන් මේ හැම කෙනාට ම කියනවා පිල් මාරු කරනවා. ආ මේ ඉන්නේ පනින ගෙම්බෝ. හොරු, මෙහෙම කිය කිය මේ මාලිමා වේදිකාවේ අද චෝදනා නගනවා. ජනතා විමුක්ති පෙරමුණ පිල් කීයක් මාරු කළා ද? ආ කීදෙනෙක් නම් කොයි පැත්තට ගියාද? අද නාමයෝජනා දෙන්න මමත් ගියා සජිත් මහත්තයත් එක්ක මැතිවරණ කාර් යාලෙට. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොල්ගම්පල මහත්තයත් ජනාධිපතිවරණයට ඉල්ලනවා.

හා හා පුරා කියලා කඩ පනහෙන් ඇරඹෙන නාමල්ගේ මංගල රැලියේ අද සිදු වෙන්න යන දේ.

හා හා පුරා කියලා කඩ පනහෙන් ඇරඹෙන නාමල්ගේ මංගල රැලියේ අද සිදු වෙන්න යන දේ.


ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු අංශය භාරව හිටපු දේශපාලන මණ්ඩල සභික සිරිපාල අමරසිංහත් ඡන්දේ ඉල්ලනවා. නන්දන ගුණතිලක මහත්තයා එදා ජනාධිපතිවරණයේ අනූ නමයේ තරඟ කළා අද පානදුරේ එක්සත් ජාතික පක්ෂේ සංවිධායක. මම නම් ලැයිස්තුව කියවන්නේ නැහැ. ඒගොල්ලොත් ඔය අනිත් පක්ෂ වගේම පිල් මාරු කරපු ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු කට්ටියක් තමයි. ඒ වගේම භය ඒගොල්ලන්ගේ ඇතැම් පිල් මාරු නිසා මේ රටේ දැවැන්ත ජන සංහාරයක් සිද්ධ වුණා.

මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා කියලා කියනවා. ඔව් ඒ තහනම අයිනුත් කළා. 1988 මාර්තු මාසේ ඒ තහනම ජේ. ආර්. ජයවර්ධන අයින් කළා. හැබැයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ සන්නද්ධ අරගලය නතර කළේ නැහැ. අපි දන්නවා ප්‍රතිඵලය මොකක්ද කියලා. මේ හැම හන්දියකම අපේ දරුවෝ මිය ගියා. රටට මෙහෙවරක් කරන්න හිටපු වැදගත් දරුවෝ රටෙන් පලා ගියා.

එක පරම්පරාවක්ම නැති වුණා. ඒ ගැන මොකක්වත් වගකීම අද මේ වෙනකන් තියෙනවද? නෑ. මේ රටේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙච්ච සාරයට රට පාලනය කරන්න එක අවස්ථාවක්වත් ඉඩ දුන්නද? නෑ. ඒ හැම කෙනාවම කැරලිකාරයෝ, වැඩ වර්ජන, ඒ හරහා තමයි රට ගෙනිච්චේ. අද බලන්න, මම දැක්කා අනුර දිසානායක අයි ටී සමුළුවකට ගිහිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ ඒකේ ලියලා තියෙන, ඒවා මොනවක්වත් උන්නැහේට තේරෙනවද කියලා. අපි හැදුවා මේ හෝමාගම තාක්ෂණ නගරයක්. සියලු තාක්ෂණයන් තියෙන විසිදහසක් අපේ දරුවෝ තාක්ෂණයෙන් සන්නද්ධ කරලා ඩොලර් උපයන නගරයක්. මොකද ජනතා විමුක්ති පෙරමුණ කළේ? පෙළපාලි ගියා. ගල් ගැහුවා. අපේ අමාත්‍යාංශ වට කළා.

මේ වගේ රැස්වීම්වලට ඇවිල්ලා අපිට හූ කිව්වා. එහෙම කරලා ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කළා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළේ එහෙනං ගෝඨාභය රාජපක්ෂ. එහෙම නොවුණා නං දැනටමත් විශ්වවිද්‍යාල තුනක් ඇතිවෙලා තියෙනවා. 20000 ක් දරුවෝ ඉගෙන ගන්නවා. එදා තාක්ෂණ නගරයට ගල් ගහපු අනුර අද තාක්ෂණ සේවා අමතන එක තරම් විහිළුවක් තියෙනවද?. විහිළුවක් තියෙනවද තව? මම දවසක් ගියා අපේ හිටපු කතානායක කරූ ජයසූරිය හම්බවෙන්න. එතුමාගේ කාර්යාලයේ තියෙනවා ලස්සන පිළිරුවක් මෙහෙම වම් පැත්තෙන් තියාගෙන.

මං ඇහුවා කතානායකතුමනි, මොකක්ද මේ පිළිරුව? මම ඉස්සර වැඩ කරපු ඒ ඇඟලුම් කම්හලේ මම ප්‍රධානියා හැටියට හිටියා. ඒ ප්‍රධානියා හැටියට ඉන්න කාලේ ඒ මූලස්ථානයේ තිබිච්ච පිළිරුව තමයි මේ. මං ඇහුවා ඇයි ඒක ඔබතුමා ගෙදර අරන් ආවේ? නෑ මේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහත්තයලා, ලාල්කාන්ත මහත්තයලා, මහා වැඩ වර්ජනයක්, අයුක්ති සහගත විදිහට ගෙනිච්චා.

ඒ ආයෝජකයා කිව්වා අපි ආයෝජනය අරගෙන යනවා. මේක වහලා දානවා කියලා. මම ඒ සිහිවෙන්න. ඒ අංජලෝ පිළිරුව ගෙනල්ලා, මගේ කාර්යාලයේ තියන් හිටියයි කියලා. මේ විදියට වහලා, ආයෝජකයෝ පන්නපු අය දැන් ආයෝජන සමුළුව අමතනවා. දැන් ආයෝජන සමුළුව අමතනවා. ඊළඟට පාතාලේ මර්දනය ගැන කියනවා. ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ කතා කියනවා. මේගොල්ලන්ගේ සන්නද්ධ අංශය තිබුණේ මේ මඩපාත. ඒක මෙහෙයුවේ ආගිරීස් කොස්තයි, රාගම, සෝමේ, කොට සමන් කියන තුන්දෙනා. ඒ තුන් මරපු ගාන කීයද? 6800 ක් මැරුවා. මේ රටේ හිටපු සොත්ති උපාලිද, ඔය පාතාල නායකයෝ එකෙක්වත්, හයදාස් අටසීයක් මරපු අය නෙවෙයි.

මේගොල්ලෝ මෙතන ඉඳන් ඒ මෙහෙයුම ගෙනිච්චේ. , ඒගොල්ලන්ගේ තරම් ලොකු පාතාලයක් ලංකාවේ තිබිලා නෑ. වෙන කොහෙවත්. ඒ රතු පාතාලේ තරම් බරපතල දෙයක්. ඉතින් මේගොල්ලන්ට පුලුවන්ද පාතාල මර්දන ගැන කතා කරන්න. මේවා පට්ටපල් විහිලු. විහිලු කතන්දර. වෙස් මූණක් දාලා තියෙනවා. ආර්ථික විද්‍යාඥයෝ, ව්‍යාපෘති වෘත්තීයවේදීන් විදේශිකයෝ අපට උපදෙස් දෙනවා රට කොරන්න.

මේ කට්ටියම නේද ගෝඨාභය මහත්තයාගේ කාලෙත් මතකද වියත්මග කියලා ඇවිල්ලා අපිට කියපු ටික. ඒ කට්ටියමයි මේ ඇවිල්ලා කියන්නේ. මතක තියාගන්න. ඒ කට්ටියමයි අද මේ ඇවිල්ලා මේ දේශනය අපිට දෙන්නේ. හැබැයි රටට කෙළවුනහම, ඔය රට ඉඳලා උපදෙස් දෙන කට්ටියයි, ඔය වෘත්තීයවේදියෝ ටිකයි, කවුරුවත් ඉතුරුවෙන්නේ නැහැ. මතකද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. ඒ වගේ පක්ෂ, ලෝකයේ රටවල් ගණනාවක් අල්ලගෙන තියෙනවා.

කියුබාවේ, වෙනිසියුලාවේ, අද මොකද වෙලා තියෙන්නේ? වෙනිසියුලාව තමයි ලෝකයේ තෙල් සම්පතෙන් අනූනම රට. අද අනුර දිසානායක වගේ එදා හිව් ගොචාවේස්, රෝස පාට විප්ලවයකින්, කොඩිවැල් එලලා දමලා, බොහොම ආඩම්බරයෙන්, බොහොම ආසඥතාවයෙන් බලයට ආවේ. අද මොකද වෙලා තියෙන්නේ? රටෙන් බාගයක් රටෙන් පිටවෙලා.

අනෙක් රටෙන් බාගෙට කන්න නෑ. දැන් හතර වතාවක් ඡන්ද නෑ. ඡන්ද ඉල්ලලා පාරට බහින මිනිස්සුන්ට වෙඩි වදින්නේ. ඡන්ද ඉල්ලලා පාරට බහින මිනිස්සු අතුරුදහන් වෙන්නේ. ඡන්ද ඉල්ලලා පාරට බහින මිනිස්සුන්ව අතුරුදහන් කරන්න. මතක තියාගන්න. අන්න ඒ නිසා මේ සමාජවාදය, මාක්ස්වාදය කියාගෙන ඇවිල්ලා වෙනිසියුලාවට වෙච්ච දේ රටට නම් කරගන්න එපා.

අපි මේ එක ගොන්කමක් කළා. කට හැකර කයියනායකලා ටිකකට අහුවෙලා නැවත වතාවක් ඒ විනාශය කරගන්න එපා කියන එක අපි කියනවා. එදා ඒ අරගලය උත්සන්න වෙලා යනකොට ගෝඨාභය පළවා හැරියට පස්සේ ජූලි නමය, ජූලි එකොළහ මේගොල්ලෝ යනවා පාර්ලිමේන්තුව ගිනි තියන්න. මේ කට්ටියම ගියා මතකයි. අද මේ වෙනකන් නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. එතන්ට ගියා අර දොස්තර පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තා.

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)


හැබැයි ලාල්කාන්තව හඳුන්නෙත්තිව, බිමල් රත්නායකව, හරිනි අමරසූරියව අත්අඩංගුවට ගත්තේ නැහැ. නීතිය ගැන කතා කරනවා. නීතිය ඒ සමමිතික භාවය ගැන කතා කරනවා. ඒක කරලා නෑ. එහෙනම් අපිට පේනවා එදා පාර්ලිමේන්තුව ගිනි තිබ්බා නම් මොකද වෙන්නේ? වෙන්නේ අද බංගලිදේශයට වෙච්ච දේ පාලනයක් නැතුව ගිහිල්ලා අන්තිම අන්තවාදී පිරිසකට කල්ලියකට රටේ පාලනය යට වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. එළියට දාලා තියෙන රෝස පාට, වෙස් මූණට රැවටිලා, ලේ තැවරිච්ච, උගුරට එනකං මිනී කාපු රටේ පාලනය භාර දෙන්න එපා කියන එක අපි ඔබෙන් ඉල්ලා හිටිනවා.

මේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ ජනතාවට සහන ලබා දෙන්න ඕනේ. දූෂණය නවත්තන්න ඕනේ. දැන් දූෂණය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම තේමාව. එදා අපි තමයි ඒ දූෂණයට එරෙහිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්සේ. එදා රනිල් අග්‍රාමාත්‍යතුමා හැටියට එතුමා ඇති කළා දූෂණ විරෝධී බලකායක්. ඒ දූෂණ විරෝධී බලකායේ විශේෂ බලකා මෙහෙයුම් ප්‍රධානියා කවුද? ගරු අනුර දිසානායක. එතකොට ඒකේ ප්‍රධානියා හැටියට පත් කරපු ආනන්ද විජේපාල ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි දැම්මේ. අන්න ඒ ආනන්ද විජේපාලට ආපු ෆයිල් ටික තමයි ඔය රස කර කර රට වටේ කියවන්නේ.

එකෙකුට දඬුවම් දීලා තියෙනවද? එකෙකුට දඬුවම් දීලා තියෙනවද? නෑ. දැන් මේ වර්තමාන කාලේ ප්‍රධාන දූෂණ දෙකකට දඬුවම් ලැබුණා. එකක් තමයි හොර ඖෂධ මේ රටට ගෙනාපු අර ඒ ගනුදෙනුව. කවුද ඒක කළේ? ජනතා විමුක්ති පෙරමුණද? නෑ. මේ රටේ අර අපේ කාවින්ද ජයවර්ධන දොස්තර මහත්තයා ඒ වගේම අර චමල් සංජීව දොස්තර මහත්තයා, ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයො පාරට බැහැලා තමයි ඒක කරලා කෙහෙළිය මහත්තයාව හිරේ ඇරියේ. ජනතා විමුක්ති පෙරමුණ කරලා තියෙනවද? නෑ. ඊළඟට මේ රටේ සිදු වූ දැවැන්තම වංචාව තමයි වංචාව ටිරාන් අලස්ගේ.

මීට කලිනුත් අර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය කිව්වා පුළුවන් නම් ටිරාන් අලස්ට විරුද්ධව කට ඇරලා කතා කරන්න කියලා අනුර දිසානායකට. ටිරාන් අලස්ගේ විදේශීය ගනුදෙනුවේ අනුරගේ ගනුදෙනුවේ ගැන කිව්වා. මතකද? සී අයි ඩී යට ගෙනියපු එක විතරයි කළේ ඒ පෙරටුගාමී කට්ටියව. අද අපිට පේනවා මේ ගැන කට වචනයක්වත් නෑ. රටේ දේශ සීමා පාලනය විදේශිකයන්ට දෙන්නේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනය යටතේ රටේ දේශ සීමාව ඉන්දියානු පෙට්ටි කඩයකට විකුණලා තිබුණේ. ඒ වගේම සෑම සංචාරකයෙක්ගෙන්ම ඩොලර් විසිපහයි සත හැත්ත හත ගානේ කොල්ලකමින් හිටියේ. මම රවුෆ් හකීම්, ඒ වගේම එම් ඒ සුමන්දිරන්, අපි තුන්දෙනාම අර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සාමාජිකයෝ හැටියට අපි උසාවියට ගියා. අපි තනියම.

කිසිම නීතිඥයෙක් නැහැ. අපිමයි අපේ නඩුව කතා කළේ. ඒ නඩුව අහලා, ඒ ක්‍රියාදාමය තාවකාලිකව අද නතර කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අල්ලපු හොරෙක් කියන්න, දැන් කතා පවත්වනවා ඇලෝෂියස් ගැන. මතක තියාගන්න, පාර්ලිමේන්තු කෝප් කමිටුවේ අර ඩිව් ගුණසේකර හොයාගත්ත වාර්තාවේ, වරදකරුවන් කරලා හිටපු අයව නිදොස් කොරලා, ඒ වාර්තාව විකෘති කළේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයා. ඒක නිසා, හොරෙක් නෑ. ඔබට එකක් කියන්න ඕනේ. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ පළපුරුද්ද විසින්.

අපි දන්නවා වැඩසටහනක්. ඔබට මතක ඇති මේ ආහාර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය. අප්‍රේල් මාසේ ලොකු ළූණු කිලෝව රුපියල් 800ට ගියා. අපි ගිහිල්ලා ඒක එළිදරව් කළාට පස්සේ ඒක 220ට බස්සන්න අපිට පුළුවන් වුණා. මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහනමයක් කොහොමද පාලනය කරන්නේ කියලා අපි පෙන්නලා තියෙනවා. ඒ වගේම ඩීසල් මත පනවලා තියෙන බදු අඩු කරලා රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙළක් අපි යෝජනා කරලා තියෙනවා. අපි නොවෙන්න ලංකා විදුලිබල මණ්ඩලය ඔය ගානටවත් ඔය විදුලි බිල බස්සන්නේ නැහැ.

අපි තමයි මේ බන්දුල මහත්තයලා අපි ගිහිල්ලා කරුණු කියලා 22% කින්, (සීයට හතරෙන් අඩු කරන්න ගියේ ලංකා විදුලිබල මණ්ඩලය) විදුලි බිල අඩු කරලා ඔබට සහනය දුන්නේ. 40% කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකින් තොරව. ඔබට මේ සියල්ල ලබා දෙන්න නම් මතක තියාගන්න ආගන්තුක පිරිස්වලට අමුත්තන්ට ආධුනිකයින්ට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ.

එවැනි පර්යේෂණ කිරීමේ අවස්ථාවක් නෙමෙයි මේක. ගෝඨාභය මහත්තයත් පරීක්ෂණ දෙකක් කළා. කාබනික ගොවිතැන් පරීක්ෂණය, ධම්මික පැණි පරීක්ෂණය, දෙකෙන්ම රටට වෙච්ච දේවල් අපි දැක්කා. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණේ පරීක්ෂණය කොරන්න ගියොත් වෙන්න තියෙන දේ අපි සියලු දෙනාටම දැන් පැහැදිලියි. ඒ නිසා අපි මේ අවස්ථාවේ පළපුරුදු දූෂණය පැරදිවිය හැකි ඒ වගේම අනාගතයේ දරුවන්ට අනාගතයක් ශක්තිමත් කරන්න පුළුවන් ඒ ආකාරයේ කණ්ඩායමක් ඉන්න, ඒ ආකාරයේ නායකයෙක් ඉන්න සමගි ජන සන්ධානය, සමගි ජන බලවේගය එක්ක එකට එකතු වෙලා මේ කැස්බෑව, අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතුයි”

කුඩු අල්ලන්න ඉන්න පොලිසියේ දෙන්නෙක්ට අවසානයේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවද?

කුඩු අල්ලන්න ඉන්න පොලිසියේ දෙන්නෙක්ට අවසානයේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවද?