අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.
වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.
විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ, ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි.
ඒ, අනුව නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කරනු ලබනවා.
අදාළ වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකෙරෙන අතර වී, බඩඉරිඟු, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් යන බෝග වර්ග හය ආවරණය වන පරිදි වන්දි ගෙවනු ලබනවා.