දොඩංගොඩ ප්‍රා. සභාවේ සභාපතිවරයා ගමන් ගත් කැබ් රථය බිහිසුණු අනතුරකට ලක් වෙයි

Sri Lanka Politician Accident Law and Order Sinhala news Breaking News
By Kaushi Aug 02, 2025 07:27 AM GMT
Kaushi

Kaushi

Report

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ධාවනය කළ කැබ් රථය අද (02) දින උදෑසන ඉහළ කරන්නාගොඩ ප්‍රදේශයේදී අනතුරට පත්ව ඇති බව වරකාගොඩ පොලිසිය වාර්තා කරයි.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

ඒ අනුව සඳහන් වූයේ සභාපතිවරයා උදෑසන යම් කටයුත්තකට වරකාගොඩ දෙස සිට ගමන් කරමින් සිටියදී ඉහළ කරන්නාගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය ආසන්නයේ වංගුවේ දී කැබ් රථය අඩි 30ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි වැලි ලොරියක වැදී කානුවට වැටී මෙම අනතුර සිදුවී ඇති බවයි.

එසේම සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අනතුර සිදුවන විට සභාපතිවරයා කැබ් රථය ධාවනය කරමින් සිට ඇති බවයි.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

කෙසේ වෙතත් මෙම අනතුරෙන් සභාපතිවරයාට හානියක් සිදුවී නොමැති බව සඳහන්.

මේ අතර කැබ් රථයේ වම්පස ඉදිරි කොටස සහ ලොරි රථය වැඳීම නිසා කැබ් රථයේ බඳ කොටසට හානි සිදුවී ඇති බව සඳහන්.

අඳාළ අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වරකාගොඩ පොලිසිය රථවාහන අංශ නිලධාරීන් විසින් සිදු කරන බව පවසයි.

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ReeCha