TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට පුද්ගලයන් 57 ක් පමණ රෝහල් ගත කර ඇති අතර 60 දෙනෙකුට ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද සඳහන්.