හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට ඇප

Report

නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වරාය මහාමාර්ග අමාත්‍යාංශයෙන් පසුගිය 2013 වසරේ මොරටුව නගර සභාව වෙත වෙන් කරන ලද රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන හිතවත් කොන්ත්‍රාත්කරුවන් අට දෙනෙකුට ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් පිළිබඳව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (23)දින නියෝග කර ඇත.

ඒ අනුව සැකකරුට ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් සහ පනස්දාහක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. තවද සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද අධිකරණය නියම කළා.

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ

අඳාළ සැකකරු බන්ධනාගාර නිළධාරින් විසින් අද උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එහි පළාත් පාලන කොමසාරිස්වරිය ඔස්සේ 2013 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව එවකට වරාය මහා මාර්ග අමාත්‍යාංශය මඟින් මඟ නැගුම වැඩසටහන යටතේ නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට මොරටුව නගර සභාව වෙත රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන ලබා දී ඇති බවද සිද්ධිය පිළිබඳව කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

ඒ ආකාරයට වෙන් කරන ලද මුදල් ප්‍රජාපාදක සමීතියක කොන්ත්‍රාත් වෙනුවෙන් ලබාදීමේදී රාජ්‍ය මුදල් චක්‍රලේඛය මත කටයුතු කරන ලෙසද එසේ නැති නම් ඍජු ක්‍රමය යොදා නගර සභාවෙන් සිදු කරන මෙන් දැනුම් දුන් බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

එලෙස දැනුම්දීි තිබියදී පවා සැකකාර හිටපු නගරාධිපතිවරයා නගර සභා ආඥා පනතට හා මුදල් රෙගුලාසිවලට පටහැනි ආකාරයට කටයුතු කරමින් ගිවිසුම් ගත පාර්ශවයට හැර ඔහුට හිතවත් වෙනත් පාර්ශවයන් වෙත මුදල් ගෙවීමට නීති විරෝධී ආකාරයෙන් මැදිහත්වී දුෂණය නමැති වරද සිදුකර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම නගර සභාවේ සේවයෙහි නියුතු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවත් සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුවිය හැකි නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.

මේ අතර විමර්ශන නිලධාරීන් හා සැකකරු සඳහා පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින මෙන් නියෝග ක‍ර ඇති බව වාර්තා වුණා.

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්