ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

Report

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වයි.

මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව සඳහන්.

මේ අතර අද දින කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දන්වා ඇත.

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

එමෙන්ම සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ඊට අමතරව හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ ).

එබැවින් මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්