කෘතිම බුද්ධියෙන් තවත් පියවරක්, ලංකාවටත් ආවොත් ලොකු දෙයක් [PHOTOS]

Report

කෘතිම බුද්ධිය එහෙම නැත්තම් AI හෙවත් artificial intelligence කියන්නේ අද වෙන කොට හැම තැනටම නැතුවම බැරි දෙයක්නේ. මේ තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් එක්ක හැම ක්ෂේත්‍රයකටම AI වලින් බලපෑමක් ආවා.

ඒ වගේම හැම ක්ෂේත්‍රයකටම AI කියන්නේ නැතුවම බැරි දෙයක් වෙන්නත් තව වැඩි කල් නැහැ.

එහි ප්‍රතිඵලයක් විදිහට ඔන්න තවත් අලුත් ක්ෂේත්‍රයක් වෙත AI තාක්ෂණය ඇවිත් තියෙනවා.

ඒ තමයි අපි කවුරුත් හිතපු නැති රටක පාලනයට අවශ්‍යම ක්ෂේත්‍රයක් වන දේශපාලනය.

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි

කොහොම වුණත් දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් AI-ජනනය කරන ලද “ඇමතිවරයෙකු” පත් කළ පළමු ජාතිය බවට ඇල්බේනියාව පත් වෙලා තියෙනවා.

ඒ අනුව ඇල්බේනියානු අගමැති එඩි රාමා, මහජන ටෙන්ඩර් අධීක්ෂණය කිරීම සඳහා ලොව ප්‍රථම AI-ජනනය කරන ලද රජයේ අමාත්‍යවරයා පත් කළ බව නිවේදනය කර තිබෙනවා.

එසේම AFP පුවත් ඒජන්සිය වාර්තා කළේ එහි කෘතිම බුද්ධිය ක්‍රියාවලිය “දූෂණයෙන් තොර” බවට පත් කරන බවට සහතික වූ බවයි.

මේ අතර මැයි මාසයේ තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණයකින් අනතුරුව සමාජවාදී පක්ෂ රැස්වීමකදී තම නව කැබිනට් මණ්ඩලය හෙළි කරමින් රාමා, ඇල්බේනියානු භාෂාවෙන් “හිරු” යන අර්ථය ඇති නව “සාමාජිකයා” වන “ඩියෙල්ලා” හඳුන්වා දී ඇති බව සඳහන්.

ඇල්බේනියානු අගමැති කියලා තියෙන විදිහට "ඩියෙල්ලා යනු භෞතිකව නොසිටින නමුත් කෘතිම බුද්ධියෙන් ප්‍රායෝගිකව නිර්මාණය කරන ලද පළමු (රජයේ) සාමාජිකයායි.

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

කොහොම වුණත් AI වල හොඳ පැත්ත වගේම නරක පැත්තත් තියෙනවා.

මොකද දවසක මේ හැමදේම AIවලින් කරන්න ගියොත් මිනිස්සුන්ගේ පැවැත්මට වුණත් එය යම් ආකාරයක බලපෑමක් වෙන්න පුළුවන් කියලා තමයි සමහර මත පළ වෙන්නේ.

හැබැයි ඉතින් AIවලින් හරි දූෂණයෙන් තොර දේශපාලනයක් රටකට බිහි වීම වටිනවා කියලයි තවත් අය කියන්නේ.

මොනවා වුණත් එක දෙයක් පැහැදිලියි, දිනෙන් දින දියුණු වෙන තාක්ෂනයත් එක්ක අනාගතයේ හැම දේටම අපිට මීටත් වඩා AI තාක්ෂණය ඕනේ වෙයි.

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

GalleryGalleryGalleryGallery