ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

Report

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කර ඇත. ඊට අනුව පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ සඳහා තහනම පනවා ඇත.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ඒ අනුව ඉහත සඳහන් මත්ස්‍ය විශේෂ බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය කිරීම, මිල දී ගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, භාරගැනීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම සහ අපනයනය කිරීම නොකළ යුතුය.

ඉහත සඳහන් නියෝග සජීවි මසුන් සඳහා පමණක් අදාළ වේ. එමෙන්ම ජල පද්ධතිවලින් ආහාරය සඳහා මෙම මසුන් ඇල්ලීම 1998 අංක 53 දරණ පනතින් සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියෙන් අවසර ලබාගෙන සිදුකළ හැකිය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ප්‍රවේශපත්‍ර නිකුත් කරයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ප්‍රවේශපත්‍ර නිකුත් කරයි

මෙම නියෝගයන් අනුව 'ආණ්‍රමණශීලි මත්ස්‍ය විශේෂ' යනුවෙන් හඳුන්වා ඇත්තේ අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට හානිදායක ලෙස අධික ගහන ඝනත්වයකින් වේගවත්ව පැතිරී යන විලෝපිත මත්ස්‍ය විශේෂයන් නිසාවෙන් බව ද අදාළ නියෝගයේ දැක්වේ.