බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි [PHOTOS]
රම්පෙ කියපු ගමන් ලංකාවේ ගොඩක් අයට මතක් වෙන්නේ රම්පෙ කොළේ සුවඳනේ.
හැබැයි රම්පෙ කියන්නේ ඈත අතීතයේ ඉඳලාම අපි අපේ ආහාර වේල රසවත් කර ගන්න ස්වභාවික රසකාරකයක්.
විශේෂයෙන්ම සහල්වලින් එන දුගඳ නැති කරන්න වගේම ආහාර වේලක් රසවත් කර ගන්නත් ගෙදර මුළුතැන්ගෙයි නැතුවම බැරි දෙයක් තමයි රම්පෙ කියන්නේ.
ආහාර රුචිය, සුවඳ වගේම රම්පෙවලින් විෂ වර්ග අවශෝෂණය කරගැනීමට පුළුවන්. ඒ නිසාම පාරම්පරික හෙළ වෙදකම තුළ “රම්පෙ” ඖෂධයක් වශයෙන් ද භාවිත කරනවා.
කොහොම වුණත් අද වෙනකොට රම්පෙ ගැන තවත් කතා ගොඩක් ඇහෙනවා.
ඒ අතර රම්පෙ පිළිකාකාරකයක් කියලත් ඇහෙන නිසා ගොඩක් වෙලාවට ගෙදර හැදෙන රම්පෙ පඳුර ගැන ගෘහණියන් යම් බියක් දක්වනවා.
හැබැයි මේ ගැන කළ සොයා බැලීමේදී දැන ගන්න ලැබුණු කාරණය තමයි අද වෙන කොට ගොඩක් නිවෙස්වල රම්පෙ පඳුර දැක ගන්න ලැබෙන්නේ වතුර එකතු වෙන ස්ථානයක.
ගොඩක් වෙලාවට මේ රම්පෙ පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන්.
අතීතයේ දී නම් නාන වතුරෙන් පෝෂණය වූ “රම්පෙ” පරිභෝජනය එතරම් ගැටළුවක් නොවුන ද වර්තමානය වන විට එය මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම බලපාන කාරණයක් වී අවසන්.
එයට හේතුව නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අන්තර්ගත වීම.
එම විෂ සහිත සංයෝග නාන කාමරයෙන් ඉවත් කරන ජලයට එකතු වෙන්නේ,
(i). භාවිත කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ගවලින්.
(ii). භාවිත කරනු විවිධ ෂැම්පු වර්ගවලින්.
(iii). හිස කෙස් කළු කිරීම වෙනුවෙන් යොදා ගන්නා විවිධ ඩයි වර්ගවලින්.
(iv). සබන් වර්ග, Face wash වර්ග, නිය ආලේපනවලින්.
(v). පිරිසිදු කිරීමට යොදාගන්නා පිරිසිදු කාරක හා සුරතල් සතුන් සඳහා යොදා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය යනාදියෙන්.
බොහෝ විට සෑම නිවසක නාන කාමරයකින්ම ඉවත් කරන ජලයේ ඉහත සඳහන් කළ මෙම රසායනික සංයෝග අඩංගු වෙනවා.
මෙම රසායනික සංයෝග අතරින් බොහෝමයක් පිළිකා කාරක වන අතර ඇතැම් සංයෝග තුළ මිනිසාට උග්‍ර විෂ සහිත බැර ලෝහ ද අන්තර්ගත වේ.
ඒ අනුව රම්පෙවලට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්පෙ පඳුරේ පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙන්න පුළුවන්.
මෙන්න මේ හේතුව නිසා තමයි බොහෝ දෙනා රම්පෙ පිළිකාකාරකයක් කියලා කියන්නේ.
එනිසා නිවසේ පරිභෝජනයට වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කිරීමට වග බලා ගන්න.





