අලුත් අවුරුද්දෙන් පස්සේ තෙල් මිල වැඩි කිරීමේ සූදානමක්? රජයට චෝදනා රැසක්
එක්සත් වෘත්තීය සමිති පෙරමුණේ සම්බන්ධීකාරක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පසු නැවතත් සැලකිය යුතු ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති බවයි.
අද (2026.04.07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. පිරිපහදුව වසා දැමීමෙන් තෙල් හා ගෑස් සමාගම්වලට ජනතාව සූරාකෑමට රජය ඉඩ දී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "පසුගිය රජයේ මිල සූත්‍රය විවේචනය කළ අය දැන් ඊටත් වඩා දරුණු වක්‍ර සූරාකෑමක නිරත වෙමින් සිටිති. ඉන්ධන ලීටරයකට රු. 165 ක පමණ බද්දක් අය කෙරේ. ලාෆ්ස් සහ ලිට්රෝ සමාගම්වලට සිලින්ඩරයකට රු. 1300 සිට 1700 දක්වා ලාභයක් ලබා ගැනීමට අවසර දී තිබේ. පැරණි තොග තබා ගනිමින් මිල තුන් ගුණයකින් වැඩි කර ඇත.දිනකට මෙට්‍රික් ටොන් 6,600 ක ධාරිතාවක් ඇති පිරිපහදුව වසා දමා IOC ඇතුළු විදේශීය සමාගම්වලට සියයට 20 ක ලාභයක් උපයා ගැනීමට ඉඩ දී ඇත" ලෙසයි.