ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ ඇත. මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බවයි.

එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසීය.

අහසට නගින ඉන්ධන සහ ගෑස් මිල - ජනතාවට අමාරු කාලයක්

අහසට නගින ඉන්ධන සහ ගෑස් මිල - ජනතාවට අමාරු කාලයක්

වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු 600 ඉක්මවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රු කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ නිසි දත්ත සපයා ගැනීමක් නොමැති වීම හේතුවෙන් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් මිල වෙළෙඳපොළ මිලට ගැලපීමට තීරණය කළ බවයි.

මෙන්න සුභ ආරංචියක් - ඩීසල් වලට රු.100ක සහනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙන්න සුභ ආරංචියක් - ඩීසල් වලට රු.100ක සහනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

ඒ අනුව පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් 100ක වියදමක් රජය විසින් දැරීමට තීරණය කළ බවත් ඒ සඳහා මාස තුනක් සඳහා රුපියල් කෝටි 6,000ක් රජයට වැයවෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුල මැයි මාසයේ අග දක්වා අඛණ්ඩව ඉන්ධන සැපයීමට සහතික වන බව ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. එමෙන්ම ඉන්ධන සහන මිලකට සැපයීම අරමුණු කරගනිමින් මෙම යෝජනා ක්‍රියාත්මක වන බව ජනපති පැවසුවේය.

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ජනපති වැඩිදුරටත් පැවසුවේ මැයි මස අගට දින 55ක් ඇති බැවින් ඊට පසුව ඉන්ධන සැපයීම පිළිබද තීරණය පුරෝකථනය කිරීමට දැනට ඇති තත්ත්වයේ ඉදිරි වර්ධනය කෙසේ දැයි බැලිය යුතු බවයි.

නමුත් ඉන්දියානු රජය විසින් මෙරටට ඩීසල් හා පෙට්‍රල් යම් ප්‍රමාණයක් ලබා දීමට පොරොන්දු වූ බවත් චීන රජයත් මෙරටට ඩීසල් හා පෙට්‍රල් යම් ප්‍රමාණයක් ලබා දීමට පොරොන්දු වූ බවත් පවසා ඇත.

එමෙන්ම රුසියාව සමගත් අඛණ්ඩව සාකච්චා සිදුකරන බවත් දැනට ශ්‍රී ලංකාවට අප්‍රේල් 11 දක්වා රුසියාව සමග තෙල් ගණුදෙනු කිරීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර දී ඇති බවත් ජනපති අවධාරණය කළේය.  

ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකාවට යෑමට අවස්ථාවක් - මැයි 31ට පෙර ඉල්ලුම් කරන්න

ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකාවට යෑමට අවස්ථාවක් - මැයි 31ට පෙර ඉල්ලුම් කරන්න