ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න
ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ එළඹෙන උත්සව සමයේ දී පොලිස් රථ වාහන නිලධාරීන් 7,500ක ප්‍රමාණයක් මාර්ග ආරක්ෂාව සහ රථවාහන මෙහෙයුම් සඳහා යොදවන බවයි.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් සඳහන් කළේ බස්නාහිර පළාත තුළ පමණක් ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් නිලධාරීන් 2500ක ප්‍රමාණයක් උත්සව සමයේ දී යෙදවීමට කටයුතු කරන බවයි.
වැඩිදුරටත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊට අමතරව බුද්ධි නිලධාරීන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවන බවයි.
මේ අතර යම් පුද්ගලයෙක්, කණ්ඩායමක් දේපළක් සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය (119) අමතා දැනුම්දෙන ලෙස ඔහු පවසයි.