අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයක ගමන් කළ පුද්ගලයින් ඉලක්ක කර අද (09) වෙඩි තැබීමක් සිදු කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, එම පුද්ගලයා අධිකරණයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වේ.
