නේපාලයේ උණුසුම උග්‍ර වෙයි, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට ගිනි තියලා

Report

නේපාලයේ පවතින විරෝධත හමුවේ නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට ද විරෝධතාකරුවන් ගිනිතබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර සිදුව ඇත්තේ අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලි මහතා ඉල්ලා අස්වූ මොහොතෙන් සුළු වේලාවකට අනතුරුව බවයි.

එමෙන්ම අගමැති මෙන්ම නේපාල ජනපති රාම් චන්ද්‍ර පවුඩෙල් ද තම ධුරයෙන් ඉල්ලා අස්වු බව ද සඳහන්.

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමත් සමඟ නේපාලයේ දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම ඉකුත් දා තහනම් කිරීමට නේපාල රජය පියවර ගැනීමත් සමඟ ‘Gen Z’ විරෝධතාකරුවන් ඊට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබුණු අතර අද වන විට එහි තත්ත්වය වඩාත් උණුසුම් ස්භාවයක් ගෙන තිබුණා.

ඒ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී, පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තැබීමත් සමඟයි.

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

එසේම මෙම විරෝධතාවලදී, කත්මන්ඩු අගනුවර විරෝධතාකරුවන් රජයේ කාර්යාල, බක්තපූර්හි බෝල්කොට් පිහිටි අගමැති කේ.පී. ශර්මා ඔලිගේ පෞද්ගලික නිවස, හිටපු අගමැතිවරුන් වන පුෂ්පා කමල් දහල් සහ ෂෙර් බහදූර් ඩියුබාගේ නිවාස, එසේම සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ඇමති ප්‍රිත්වි සුබ්බා ගුරුංගේ නිවස ගිනිබත් කිරීම ඇතුළු බරපතළ ප්‍රහාර සිදුකර ඇති බවද වාර්තා වේ.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි