හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුවට දින
2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට විරුද්ධව අල්ලස් කොමිසමෙන් ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් මස 17 වන දින විභාගයට කැඳවන මෙන් කොළඹ මහාධිකරණය අද දින නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුව අද (10) දින කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු විට විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් මෙතෙක් ලබාදී නැති බව ප්‍රකාශ කළා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අදාළ ලේඛන නොවැම්බර් මස තුන්වනදාට පෙර විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අඳාළ නඩුව දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනීමට දින නියම කළ බව වාර්තා වුණා.
අඳාළ නඩුව 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව දනිමින් ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම මඟින් ගොනු කර තිබෙනවා.
ඒ හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයට එරෙහිවයි.