විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මෙන්න සුබ ආරංචියක්
2025 අයවැය මඟින් වැටුප් වැඩිවීම් නොලැබූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 07කට අධික පිරිසකගේ ගැටලු 2026 අයවැය ඔස්සේ විසඳීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ තේමාව යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ‘ජාතික විශ්‍රාමික දිනය 2025’ උත්සවයට එක්වෙමිනි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා තවදුරටත් කියා සිටියේ;
''ලක්ෂ 07කට අධික විශ‍්‍රාමික ප‍්‍රජාවට බලපාන ගැටලු රාශියක් පවතින බව අපි දන්නවා. අපි විශ‍්‍රාමික සංවිධාන මුණගැහෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා මුණගැසී ඔවුන් සාකච්ඡා කරනවා. තාමත් අපට හඳුනාගත නොහැකි ගැටලුත් තිබෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට තිබෙන ගැටලු නිරාකරණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය අපේක්ෂා කරනවා.''

පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත
මෙම සැමරුම් උත්සවය සඳහා දේශීය හා බටහිර වෛද්‍ය කඳවුරු, සෞඛ්‍ය දේශන, ප්‍රවීණ කලාකරුවන්ගේ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් සහිත රසවින්දන වැඩසටහන්, විශේෂිත තිළිණ ප්‍රදානයන් ඇතුළු අංග රැසක් ඇතුළත් විය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙන්ම ප්‍රවීණ කලාකරුවන්, දේශීය හා බටහිර විශේෂඥ වෛදවරුන් ඇතුළු විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් රැසක් සහභාගී වී සිටියහ.