රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

Report

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම කෙරෙහි ඉදිරි අයවැයේදී විශේෂ අවධානය යොමු කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

දුම්බර බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරය මූලික කරගනිමින් ස්ථාපිත කළ ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් අනතුරුව, නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනාගෙන් හදිසි හෙළිදරව්වක්

"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනාගෙන් හදිසි හෙළිදරව්වක්

මීට අමතරව මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ ඥාතීන්ට වන්දි ලබාදීමට ද පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා මාස තුනකට වඩා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවන තත්ත්වය වැළැක්වීමට ලබන වසරේ ජනවාරි 31 වන විට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ද පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් උදෙසා පුනරුත්ථාපන ප්‍රවේශයක් අනුගමනය කළ ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සහනයක් නොදෙන බවත්, මත්ද්‍රව්‍ය ඉල්ලුම පාලනය කිරීමට සමාජයේ සහාය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

බන්ධනාගාර සේවය ගෞරවනීය වෘත්තියක් බැවින් එහි ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසත්, කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් වෙනුවෙන් තවත් අයෙකුගේ ජීවිතයක් විනාශ නොකරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම බන්ධනාගාර තුළ හදිසි ගැටුම්කාරී තත්ත්වයන් පාලනයට සහ සුබසාධන කටයුතු විධිමත් කිරීමට සියලු බන්ධනාගාර මූලික කරගත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බව ද වැඩිදුරටත් සඳහන් විය.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?