ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේ නඩුව- රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාමල් රාජපක්ෂ අද යළි අධිකරණයට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබීය .
ඊට අදාල ගනුදෙනුවකදී සිංගප්පූරුවේ බැංකු ගිණුමකට යූරෝ ලක්ෂ 14 කට අධික මුදලක් අල්ලස් ලෙස බැර කරවාගෙන ඉන්, ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට හිමි සමාගමක බැංකු ගිණුමක් වෙත තැන්පත් කරවා පසුව එම මුදලට සමාන වන අයුරින් රුපියල් මිලියන 100ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ .
මේ අතර මෙම සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් ද නාමල් රාජපක්ෂ නම් කෙරුණු අතර, එම නඩුවට අදාළව ලබන 23 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය පෙරේදා නියෝග කළේය .
ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වෙනුවෙන් ආශිර්වාද බෝධී පූජාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධානයෙන් ඊයේ (17) පස්වරුවේ පැවැත්විය ඒ රාජගිරිය - මොරගස්මුල්ල ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරස්ථානයේදීයි.