ආසියානු සංවර්ධන බැංකුවෙන් නිවේදනයක් - පළාතකට මිලියන 750 බැගින් මුදල්
2025-2030 කාල පරාසය සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා සියළු පළාත් ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව මඟින් මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
අද (12) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් මෙම මූල්‍යාධාර වැඩසටහනට අනුව විශ්ව සෞඛ්‍ය ආවරණය සඳහා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2027 වසර සඳහා වන "ප්‍රතිඵල පාදක සැලසුම් සංවර්ධන" වැඩසටහනේ සමාරම්භය සිදුවිය.
මෙම වැඩසටහනේදී 2027 වසර සඳහා එක් පළාතකට එක් සැලසුමක් සමගින් පළාත් 09 ට අදාළව වාර්ෂික සංවර්ධන සැලසුම් සමාලෝචන කටයුතු සිදුවන අතර 2027 වසරේ දී එක් පළාතකට රුපියල් මිලියන 750 ක දළ මුදලක් සමගින් ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන වශයෙන් රුපියල් බිලියන 6.7 ක මුදලක් ලැබීමට නියමිතව ඇත.
එමෙන්ම ඊට අදාළ 2027 වසර සඳහා වූ සැලසුම් සකස් කර නොවැම්බර් මස මැදවන විට මුදල් කොමිසමට ලබාදිය යුතුව ඇති අතර ඒ අනුව 2027 ජනවාරි මස සිට පළාත් වෙත අදාළ මුදල් වෙන් කර ගනිමින් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත. ප්‍රතිඵල හෝ ඉලක්ක මත පදනම් වූ ණය" - 2020-2030 යටතේ මෙම සමස්ත ණය වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 100 ණය මුදලක් සහ ඩොලර් මිලියන 6.9ක විදේශ ප්‍රදානයක් අනුමත කර ඇත.
මෙම ක්‍රමයේදී, කලින් එකඟ වූ විශේෂිත සෞඛ්‍ය ඉලක්ක හෝ දර්ශක සපුරා ඇති බව ස්වාධීනව තහවුරු කිරීමෙන් පසුව පමණක් අදියරෙන් අදියර මුදල් ප්‍රතිපාදන නිදහස් කරනු ලබන අතර, දිවයිනේ පළාත් 9 හිම සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම ඉලක්ක සපුරා ගැනීමට සෘජුවම ක්‍රියා කළ යුතුය.
නාමල් මහින්ද රාජපක්ෂගේ පුතා වුණාට නාමල්ට කවදාවත් මහින්ද රාජපක්ෂ වෙන්න බෑ - මහින්දගේ දේශපාලන පෞරුෂය වෙන කාටවත් එන්නෙත් නෑ
මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සහ නියමිත ඉලක්ක වෙත ළඟා වීම තහවුරු කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව මඟින් පළාත් 9 හිම ප්‍රධාන ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වාර්ෂික සංවර්ධන සැලසුම් නිතිපතා සමාලෝචනය කරනු ලබයි. ආසියානු සංවර්ධන බැංකුව මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වෙනම ප්‍රතිපාදන මුදලක් ද වෙන් කෙරෙන අතර ඒ සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කොට මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී අවසන්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායම් ප්‍රධානී ඩයිලින් චෙන්, ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය විශේෂඥ උපදේශකවරියක වන වෛද්‍ය කුමාරි විනෝදනී නවරත්න යන මහත්ම මහත්මීන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, පළාත් ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.