ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

Sri Lanka Police Sri Lanka Accident
By Piyumika Sep 09, 2024 03:05 AM GMT
Piyumika

Piyumika

Report

රිය අනතුරකින් පාරේ ඇද වැටී සිටි යතුරුපැදිකරුවෙක් අමාරුවෙන් නැගිටීමට උත්සාහ දරන අතර තුර වේගයෙන් පැමිණි ජීප් රථයක් යතුරුපැදිකරු හප්පා පලා ගොස් තිබෙන පුවතක් වාර්තා විය .

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම කරයිද ..?

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම කරයිද ..?

අනතුරින් තුවාල ලැබූ තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බවද පොලිසිය පැවසිය . තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩ් දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. වනවිට තුවාලකරුට ශල්‍ය කර්ම දෙකක් සිදුකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මිතුරන් සමග දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්..

මිතුරන් සමග දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්..

මේ අනතුර හයිලෙවල් මාර්ගයේදී සිදුවී ඇති බවයි කොට්ටාව පොලිසිය පවසන අතර  එම තරුණයා රාත්‍රී සේවා මුරය නිමවා කොළඹ සිට හයිලේවෙල් මාර්ගය ඔස්සේ කොට්ටාවට එමින් සිට තිබෙනවා. එහිදී  අලුයම 05.20 පමණ ඔහු පැමිණි යතුරු පැදිය මහල්වරාව හන්දිය ආසන්නයේදී මාර්ගය මැද ලිස්සා වැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

තාත්තයි පුතයි එකතු වෙලා ගුවන් හමුදා සෙබළියකට කරලා තියන දෙයක්..

තාත්තයි පුතයි එකතු වෙලා ගුවන් හමුදා සෙබළියකට කරලා තියන දෙයක්..

ඒ මොහොතේ අපහසුවෙන් නැගී සිටීමට උත්සාහ කළ තරුණයා පසු පසින් ආ ජීප් රථය ඔහු හප්පා නොනවත්වා ධාවනය කර ඇත.

අනතුර සිදුකර පලාගිය ජීප් රථය සොයා විමර්ශන සිදු කරයි.