ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම කරයිද ..?

Sri Lanka Cricket Sri Lanka LTTE Leader England
By Piyumika Sep 09, 2024 02:14 AM GMT
Piyumika

Piyumika

Report

රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පැවැත්විය.

ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

එය සංවිධාන කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් විසිනි. ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලකරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් කඩකළ රාජ්‍යක් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසය.

තම දෙමළ ප්‍රජාවට ශ්‍රී ලංකාව තුළ කිසිඳු අයිතිවාසිකමක් නොමැති බවත් සිය මානව හිමිකම් කඩවන බවත් පවසමින් සහ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ රටක් ලෙසට ද ඔවුන් එහිදී චෝදනා කළේය.

මොන දේ කළත් දෙමව්පියන් තමා දරුවන්ගේ මුළු ලෝකයම - ඇසට කදුළක් උනන සංවේදී කතාවක්..

මොන දේ කළත් දෙමව්පියන් තමා දරුවන්ගේ මුළු ලෝකයම - ඇසට කදුළක් උනන සංවේදී කතාවක්..

මෙම විරෝධතාකරුවන් එම විරෝධතාව පැවැත්වූයේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නිල ලාංඡනයද ප්‍රදර්ශනය කරමිනි. ඊට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන තිබුණි.

එමෙන්ම තම නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත්, වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා නොපිළිගන්නා බවත් විරෝධතාකරුවන් පැවසූ බව සඳහන්ය.