බේරේවැවෙත් ජලාශ්‍රිත ගුවන්තොටුපළක්
කොළඹ බේරේවැව ජලාශ්‍රිත ගුවන්තොටුපළක් ලෙස හඳුන්වාදීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව ජලයේ ගොඩබස්සන යානා මෙහෙයුම් වෙනුවෙන් උචිත වන ආකාරයට කොළඹ බේරේවැව ජලාශ්‍රිත ගුවන්තොටුපළක් වශයෙන් නැවත හදුන්වාදීම හා එහි මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව පවසයි.
එනිසා මෙය ශ්‍රී ලංකාවේ සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් එක්කරනු ඇති බවට විශ්වාස කරයි.
කෙසේ වෙතත් අඳාළ සාකච්ඡාව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව සඳහන්.
එසේම මෙහි මෙහෙයුම් කටයුතු සිනමන් එයාර් සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.