හෙට වෙන්න යන්නේ මේකයි - සුළු මොහොතකට පෙර දිවයිනටම විශේෂ නිවේදනයක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (19) දින පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ බව එම දෙපාර්තමේන්තුව අද දින (18) ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

අද 2 සිට රාත්‍රී 11 දක්වා වලංගුයි - මේ ප්‍රදේශවල අයට විශේෂයි

අද 2 සිට රාත්‍රී 11 දක්වා වලංගුයි - මේ ප්‍රදේශවල අයට විශේෂයි

එසේම උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

තවද මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

හාල් මැස්සෝ කාලා ඉවරයි - සීනි, පරිප්පු ‍‍තොග මිල නගී

හාල් මැස්සෝ කාලා ඉවරයි - සීනි, පරිප්පු ‍‍තොග මිල නගී

Gallery