දිවයිනටම විශේෂ නිවේදනයක් - ඉන්ධන නිකුත් කරද්දි මෙහෙම කළොත් වහාම දැනුම්දෙන්න
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට පියවරගෙන තිබෙනවා.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (18) දින පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේ, අදාළ තොරතුරු ලබාදීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර තිබෙන බවයි.
එබැවින් පහත අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අඳාළ දුරකථන අංක : 0112106767 / 0117296130
බැංකුවෙන් හරි ප්රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්