ගුවන් යානා ඉන්ධන ගැනත් හෙළිදරව්වක්
By Kanchana
ගුවන් යානා සඳහා මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාට අද (18) දැනුම්දී තිබේ.
අමාත්‍යවරයා ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් කළ විමසුමකදී සංස්ථා ප්‍රධානීන් මෙසේ දැනුම් දී තිබේ.
සංස්ථාව ඉදිරියේදී තවත් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) තොග ඇනවුම් කර තිබෙන බව එතුමා සදහන් කරයි .
තවද අමාත්‍යවරයා සදහන් කරන්නේ එසේම වරායන්හි යාත්‍රා සඳහා අවශ්‍ය කෙරෙන ඉන්ධනද (Bunker Fuel) දැනට ප්‍රමාණවත් පරිදි තිබෙන බවයි .
පෞද්ගලික සමාගම් තුනකින් එම ඉන්ධන සපයන බව අමාත්‍යාංශය සදහන් කරයි.
කරුණාතිලක මහතා තව දුරටත් සදහන් කළේ වරායන්හි කටයුතුද සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි .