ලෝකෙටම නරක ආරංචියක් - මේ රටවලටත් විවේචන කරන ගමන් ට්‍රම්ප් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න යයි
By Kaushi
ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඉරානයට එරෙහිව දැනටමත් දියත් කර ඇති ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් එරට පාලන බලය සම්පූර්ණයෙන්ම අඩපණ කරන බවට ඔහු ඉඟි කර ඇති බවද සඳහන්.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ තෙල් ලබාගත්තද මේ වෙනුවෙන් නිසි සහයෝගයක් ලබා නොදෙන මිත්‍ර රටවල් ඔහු දැඩි වශයෙන් විවේචනය කර තිබෙන බව වාර්තා වේ.
ඉකුත් මාර්තු 1 වැනිදා සිට ඉරානය විසින් වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාවේ මිත්‍ර රටවල් මෙන්ම චීනය ද මැදිහත් විය යුතු බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇති බව පවසයි.
අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න