එනපොටනම් හොද නෑ - ඉන්දියාව තව රටවල් එක්ක හවුල් වෙලා යුද අභ්‍යාස කරනවලු

By Ashfa Mar 18, 2026 12:36 PM GMT
Report

ඉන්දීය නාවික හමුදාව තවත් හවුල්කාර රටවල් කිහිපයක් සමඟ එක්ව 'සී ඩ්‍රැගන් 2026' (Exercise Sea Dragon 2026) යුද අභ්‍යාසයට සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙය අමෙරිකානු නාවික හමුදාව මෙහෙයවන බහුපාර්ශ්වික සබ්මැරීන් නාශක යුද අභ්‍යාසයක් වන අතර, මාර්තු මාසය පුරා ගුවාම්හි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන බවයි.

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

මෙම අභ්‍යාසය සඳහා ඇමරිකානු නාවික හමුදාව, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සහ රාජකීය නවසීලන්ත ගුවන් හමුදාව ඇතුළු හවුල්කාර රටවල් කිහිපයක සමුද්‍රීය බලකායන් ඒකාබද්ධ වී ඇත.

එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්න ඉන්දු-පැසිෆික් කලාපය තුළ සබ්මැරීන් නාශක යුද හැකියාවන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ මිත්‍ර හමුදාවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම බහුපාර්ශ්වික අභ්‍යාසය පවත්වනු ලබන බවයි.

උණුසුම් තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාර - න්‍යෂ්ටික විකිරණශීලී අවදානමක්?

උණුසුම් තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාර - න්‍යෂ්ටික විකිරණශීලී අවදානමක්?

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශයකට අනුව, මාර්තු මාසය පුරා පැවැත්වෙන මෙම 'සී ඩ්‍රැගන් 2026' අභ්‍යාසයට සහභාගී වීම සඳහා රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව විසින් P-8A පෝසයිඩන් යානයක් සහ ගුවන් භටයින් 50 දෙනෙකු ගුවාම් වෙත යොදවා ඇත.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්දු-පැසිෆික් කලාපය පුරා සබ්මැරීන් නාශක යුද හැකියාවන් ඉහළ නංවන අතරම, මිත්‍ර සමුද්‍රීය බලකායන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම බහුපාර්ශ්වික පුහුණුව මගින් අපේක්ෂා කරන බවයි.

එම පුහුණුවේදී, සතුරු සබ්මැරීනයක් මුහුදු පතුලේ සැඟවී සිටින විට, එය සොයාගෙන විනාශ කරන ආකාරය පිළිබඳව ගුවන් යානා ඒකාබද්ධව පුහුණු වීමට නියමිත අතර, විවිධ රටවල හමුදාවන්ට එකම සන්නිවේදන ජාලයක් හරහා තොරතුරු හුවමාරු කර ගනිමින් පොදු ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව මෙහිදී පරීක්ෂා කරයි.

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

කියුබාවට අත තැබුවහොත්.. ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට රුසියාව තද වෙයි

කියුබාවට අත තැබුවහොත්.. ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට රුසියාව තද වෙයි