මහනුවරම කැළඹුණු සිසුවාගේ මරණය - පාසලේම සෝසුම් මැද අවසන් ගමන් යයි
By Kaushi
මහනුවර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථයට යටවී ජීවිතක්ෂයට පත්වූ හත් හැවිරිදි සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින සිදු කර ඇත. ඒ අමුණුගම පොදු සුසාන භූමියේදීයි.
මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ මහනුවර - වේවැල්පිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක හිමිකරුවෙකුගේ මෝටර් රථයට යට වී එම පාසලේම සිසුවෙකු බව මින් පෙර වාර්තා විය.
එසේම අනතුරින් තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය පවසා ඇති බව සඳහන්.
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම පාසලේ, දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කුඩා දරුවෙක් බව සඳහන්.