ඉරාන ප්‍රහාරයෙන් මැරුණයි කිව්ව ඊශ්‍රායල අගමැති කෝ? මොසාඩ් ලෝකෙටම ඇත්ත හංගනවද? [VIDEO]
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඝාතනය කර ඇති බවත් එය ලෝකයෙන් වසන් කිරීමට ඊශ්‍රායලය විසින් “AI භාවිතයෙන් ව්‍යාජ බෙන්ජමින් නෙතන්යාහු කෙනෙක් පෙන්වන බවත් චෝදනා එල්ල විය.
පසුගිය සිකුරාදා (13) දින නෙතන්යාහු ඔහුගේ X ගිණුමේ එක්සත් ජනපද-ඊශ්‍රායල-ඉරාන ආතතීන් පිළිබඳ වීඩියෝවක් බෙදා ගැනීමෙන් පසුව මෙම කටකතා ආරම්භ විය. වීඩියෝවේ, සමහර සමාජ මාධ්‍ය පරිශීලකයින් කියා සිටියේ නෙතන්යාහුගේ දකුණු අතේ ඇඟිලි හයක් මෙන් පෙනෙන දෙයක් දුටු බවත්, එම දර්ශන කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කල බවත්ය.
වීඩියෝවේ 0:35 පමණ වන විට, ඔහු අත ඔසවන විට, කුඩා ඇඟිල්ල අසල කුඩා අමතර කොටසක් පෙනෙන බවත් පරිශීලකයින් විසින් පෙන්වා දී ඇති අතර, එය “AI ඇඟිලි දෝෂයක්” විය හැකි බව හඳුන්වයි.
මීට පිළිතුරු දීමක් වශයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නැවතත් කෝපි වෙලදසැලක සිටිමින් තම අත් පෙන්වමින් අතේ ඇගිලි පහක් පමණක් ඇති බවත් ඇගිලි හයක් නොමැති බවත් තමා AI නිර්මාණයක් නොවන බවත් පෙන්වා දුන්නේය.
නමුත් නැවතත් එම වීඩියෝ දර්ශනයේද පසුතල ප්‍රශ්ණ කරමින් කෝපි කෝප්පය නොසෙල්වෙන බව ප්‍රශ්න කරමින් AI නිර්මාණයක් බව ජනතාව චෝදනා කරමින් සිටියි.
එම වීඩියෝ දර්ශනය පහතින්,
@10newsau Israeli Prime Minister Benjamin Netanyahu has posted a video of himself getting a cup of coffee on Sunday after rumours that he was dead circulated online in Iran. The video, taken at a café in Jerusalem, shows Netanyahu talking to his aide asking about the rumours. Netanyahu was quick to respond with a pun on the word dead, which in Hebrew slang can be used to describe “being crazy about” something, as he reaches for a cup of coffee. Click the link in bio for more from 10 News. #10news #netanyahu #israel ♬ original sound - 10 News