QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි
QR කේතයට මෙතෙක් එක් වතාවක් හෝ ඉන්ධන ලබා නොගත් වාහනවලට හෙට (19) දිනයේ ඔත්තේ, ඉරට්ටේ භේදයකින් තොරව තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ප්‍රකාශ කර ඇත.
එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ කියා සිටියේ වාහන නොවන අංශවලට තෙල් ලබාදීමට වෙනම QR ක්‍රමවේදයක් සකසන බවයි.
මේ වන විට පවතින දිගු පෝලිම් පාලනය කිරීමටත් හෙට සිට ඔත්තේ, ඉරට්ටේ ක්‍රමය හඳුන්වාදීමට දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
ඒ අනුව ඉන්ධන සැපයීම සිදු කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුවයි. මෙම අවසන් අංකය ඔත්තේ ඉලක්කමක් නම් මාසයේ ඔත්තේ දිනයන්වලත්, අවසන් අංකය 0 හෝ ඉරට්ටේ ඉලක්කමක් නම් මාසයේ ඉරට්ටේ දිනවලදීත් ඉන්ධන ලබා ගත හැකි බව සඳහන්.
ඔබේ වාහනයේ අංක තහඩුවේ අවසන් ඉලක්කම 1, 3, 5, 7, 9 වැනි ඔත්තේ ඉලක්කමක් නම් මාසයේ ඔත්තේ දිනවලදී ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් ඉලක්කම 0, 2, 4, 6, 8 වැනි ඉරට්ටේ ඉලක්කමක් නම් ඉරට්ටේ දිනයන්හි ඉන්ධන ලබාගැනීමට හැකි වේ.
තවද අංක තහඩු ලැබී නොමැති වාහන හිමියන් ඉන්ධන ලබාගැනීමේදී සිදුකළ යුතු කරුණු සම්බන්ධයෙන් ද අද දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
එබැවින් අනන්‍යතාව තහවුරු කරගැනීමට අවශ්‍ය අවස්ථාවේදී ආදායම් බලපත්‍රය, ලියාපදිංචි සහතිකය, රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන මෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් ඉකුත් කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකළ අතර මේ නිසා ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹ තිබීම නිසා මෙම දැනුම්දීම සිදුකරන බවයි.