පරම්පරා එක් කළ දායාදය - නෙළුම් වැඩිහිටි සමිතියේ සොඳුරු මොහොතක්[PHOTOS]

Report
Courtesy: J.A.D.P.Jayasinha

නෙළුම් වැඩිහිටි සමිතිය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය මඟින් “දායාද” ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද දෙවන අදියර ලෙස “නව ජීව” යනුවෙන් විශේෂ වැඩසටහනක් සාර්ථකව පැවතුණි.

මෙම වැඩසටහන ශ්‍රී සුමනාරාම විහාරය, දකුණු ඇටියාවල පරිශ්‍රයේදී පැවැතුණි. වැඩිහිටියන්ගේ මුල්‍ය හා තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර මෙම අවස්ථාවට කිරිමැටියාන ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ කළමනාකරු අරුණ දීපාල් විජේනායක මහතා සහ තවත් නිලධාරීන් තිදෙනෙකු සහභාගී විය.

ඔවුන් විසින් බැංකු සේවා, ඉතිරි කිරීමේ වැදගත්කම, දුරකථන මඟින් ගනුදෙනු කිරීම සහ මුල්‍ය ආරක්ෂාව පිළිබඳ පැහැදිලි සහ ප්‍රයෝජනවත් දැනුවත් කිරීමක් සිදු කරන ලදී. එමෙන්ම මෙම සැසිය වැඩිහිටියන්ට ඉතා වැදගත් හා ප්‍රායෝගික අත්දැකීමක් වූ අතර එහි තාක්ෂණික කොටස රවිඳු ජයසූරිය මහතා විසින් මෙහෙයවනු ලැබීය.

පරම්පරා එක් කළ දායාදය - නෙළුම් වැඩිහිටි සමිතියේ සොඳුරු මොහොතක් | University Leo Club Empowers Elders Program

තවද ජංගම දුරකථන භාවිතය, අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීම සහ නව තාක්ෂණය සරලව භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දුන් මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේ වැඩිහිටියන් විසින්ම ඉදිරිපත් කරන ලද “නරි බැණා” සහ “දික්තල කාලගොල” යන නාට්‍ය අංග දෙකයි.

එහිදී ඔවුන්ගේ සක්‍රීය සහභාගීත්වය සහ රංගන හැකියාවන් සියලු දෙනාට මහත් සතුටක් ගෙන දීමට හේතු විය.

මේ අතර නර්තන අංග දෙකක් ලියෝ සමාජිකයන් විසින් ඉදිරිපත් කර මෙම වැඩසටහනට තවත් රසවත්භාවයක් එක් කරන ලදී. වැඩසටහනේ තවත් විශේෂ කොටසක් ලෙස ආහාර පිසීමේ අංගයක්ද පැවතුණි.

එහිදී වැඩිහිටියන් විසින් අපට සම්ප්‍රදායික කුරක්කන් කැඳ සාදන ආකාරය පැහැදිලි කරමින් එය පෙන්වා දුන් අතර එය සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය පිළිබඳ වටිනා දැනුමක් ලබා දුන් අත්දැකීමක් විය.

තවද සාම්ප්‍රදායික පිට්ටු ගොට්ටක් තල් කොළ ආශ්‍රයෙන් නිම කරගන්නා ආකාරය පියවරෙන් පියවර කියා දෙන ලදී.

පරම්පරා එක් කළ දායාදය - නෙළුම් වැඩිහිටි සමිතියේ සොඳුරු මොහොතක් | University Leo Club Empowers Elders Program

මෙම අවස්ථාවට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වැඩිහිටි භාර නිලධාරිනී ලක්ෂිකා මහත්මියද සහභාගී වූ අතර, ඇයගේ පැමිණීම වැඩසටහනට විශේෂ ගෞරවයක් එක් කළේය.

එමෙන්ම නෙළුම් වැඩිහිටි සමිතියේ සභාපතිනි පුෂ්පා ජෙනට් මහත්මියගේ මඟපෙන්වීම සහ සහයෝගය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මහත් සේ උපකාරී විය.

ඒ අනුව ශ්‍රී සුමනාරාම විහාරය, දකුණු ඇටියාවල පරිශ්‍රයේ පැවැත්වුණු මෙම වැඩසටහන සරල හමුවීමක් පමණක් නොව, පරම්පරා අතර සම්බන්ධතාවය ශක්තිමත් කළ, සෙනෙහසින් හා ගෞරවයෙන් පිරි අමරණීය මොහොතක් විය.

එසේම වැඩිහිටියන්ගේ සිනාව, ඔවුන්ගේ අත්දැකීම් සහ ආශීර්වාද සියලු දෙනාගේම හදවත් තුළ දිගු කලක් රැඳී සිටින මතකයක් වනු ඇත.

එසේම සමාජය සමඟ එකට ගමන් කිරීමේ වැදගත්කම නැවතත් මතක් කර දුන් මෙම අවස්ථාව, “දායාද” ගමනට තවත් ශක්තියක් ලබා දුන් අගනා පියවරක් වේ.

පරම්පරා එක් කළ දායාදය - නෙළුම් වැඩිහිටි සමිතියේ සොඳුරු මොහොතක් | University Leo Club Empowers Elders Program