රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි
අද (18) උදෑසන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ ඇති අතර මේ වනවිටත් ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ වී ඇත.
මේ අතර ඊයේ (17) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, මාර්තු මාසය තුළ ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බවත් ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවත්ය.
ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි.එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්රෝ සමාගම ආනයනය කරන්නේ.ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා. සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ. ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි."