මෝටර් රථයක් මතට ගසක් කඩා වැටේ...
By Parami Dissanayake
අද (4) පස්වරුවේ බදුල්ල නගරයේ කැප්පෙටිපොළ මාවතේ දී මෝටර්රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් මෝටර් රථයට දැඩි ලෙස අලාභහානි වී ඇත.
[
ඉන් මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා.
අද පස්වරුවේ දී බදුල්ල ප්‍රදේශයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මාර්ගය අසල තිබූ මාරගසක් එම ස්ථානයේ මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර්රථයක් මතට කඩා වැටී මෙලෙස අනතුර සිදු ව තිබුණා.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ මෝටර්රථය තුළ කිසිවෙකු නොසිටි හෙයින් මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු ව නැතැයි පොලිසිය සදහන් කළේය .