ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළට...
By Parami Dissanayake
පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම ඊට හේතුවී ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුළු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් හෙතෙම පැවසී ය.