ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක්...

Ministry of Education Sri Lankan Schools Education Teachers
By Parami Dissanayake Aug 04, 2024 02:45 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත්තේ, ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් සැප්තැම්බර් මාසයේ දී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත ය.

එහි මූලික අරමුණ වන්නේ, එම පාසල්වල ගුණාත්මක තත්ත්වය අනාවරණය කර ගැනීම ය.

ඒවායේ විෂයමාලාවන්, ගුරුවරුන්ගේ සුදුසුකම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර එම පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ, ඒ ඒ පාසල් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අනුව ය.

බංග්ලාදේශ අගමැතිනියට එරෙහිව උද්ඝෝෂණ...

බංග්ලාදේශ අගමැතිනියට එරෙහිව උද්ඝෝෂණ...

අධ්‍යාපන අමාත්‍යාංශය 2015 වර්ෂයේ සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ජාත්‍යන්තර පාසල් 391 ක් තිබෙන බවට හඳුනාගෙන ඇත.

එහෙත් සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ව්‍යාපාරික ආයතන ලෙස ලියාපදිංචි වන මෙම පාසල්වල පවතින භෞතික පහසුකම්වල අඩුපාඩු, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීම් ක්‍රම පිළිබඳ ගැටලු, ගාස්තු අයකිරීමේ ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට මහජනයා පැමිණිලි කර තිබේ.

නමුත්, මෙම පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි නොමැති හෙයින් ඊට අදාළව කිසිදු ආකාරයක නියාමනයක් කිරීමටද අමාත්‍යාංශයට හැකියාවක් නැත.

මේ වන විට ජාත්‍යන්තර පාසල්වල සිසුහු එක් ලක්ෂ හතළිස් දහසක් පමණ අධ්‍යාපනය ලබති.

එමෙන්ම ගුරුවරුන් නිසි පරිදි ඉගැන්වීම් නොකිරීම, වරින් වර ගුරුවරුන් මාරු කිරීම, සුදුසුකම් නොලත් ගුරුවරුන් ඉගැන්වීම, විෂය නිර්දේශ ආවරණය නොකිරීම, අසාධාරණ ලෙස ගාස්තු අය කිරීම ආදිය පිළිබඳවද දෙමව්පියන් අමාත්‍යාංශයට පැමිණිලි කර තිබු ඇත.

එමෙන් ම, මෙම පාසල් ශ්‍රේණිගත කිරීමෙන් පසු කවර පාසලකට සිය දරුවන් යොමු කළ යුතුද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට දෙමව්පියන්ට හැකි වනු ඇතැයිද සභාපතිනිය සඳහන් කළාය.

ReeCha