කට්ටියක් ගෝල්ෆේස් එකට වාහන ගෙනත් දාන කොට..4000කට වුණා දෙයක් නෑ..

Sri Lanka Government Of Sri Lanka Department of Motor Vehicles Department Of Audit
By Piyumika Sep 28, 2024 03:11 AM GMT
Piyumika

Piyumika

Report

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000 ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කළේය.

බලන්නකෝ පොලිස් ලොක්කෝන්ගේ වැඩ කිඩ ගැන කියල ලියුමක්ම යවලා ..දැන් නම් ලේසි වෙන්නේ නෑ..

බලන්නකෝ පොලිස් ලොක්කෝන්ගේ වැඩ කිඩ ගැන කියල ලියුමක්ම යවලා ..දැන් නම් ලේසි වෙන්නේ නෑ..

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා පැවසීය.කොළඹ ගාලු මුවදොර ‌පිටියේ දමා ‌ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අද‍ාල තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇත. ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් වේ. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී ඇත.

ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

සැප්තැම්බර් 30 කලින් කරන්න ඕන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

සැප්තැම්බර් 30 කලින් කරන්න ඕන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

මේ අතර රට විරුවන්ට වාහන පර්මිට් 1077ක් ලබාදීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඒ සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව විගණකාධිපතිවරයා පැවසීය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%