දිස්ත්‍රික්ක 5කට හදිසි නායයාමේ අනතුරු ඇඟවීමක්! පැය 24කට NBRO එකෙන් රතු එළියක්

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව, මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) වනදා 04:00 සිට හෙට (21) රාත්‍රී 04:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව වාර්තා වේ .

අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස, බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ, හල්දුම්මුල්ල සහ පස්සර.

කෑගල්ල දිස්ත්‍රික්කයේ, (කිසිදු ප්‍රදේශයක් සඳහන් කර නොමැත).

මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට, මාතලේ, නාඋල සහ දඹුල්ල. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පුස්සැල්ලාව, හඟුරන්කෙත, වලපනෙ, කොත්මලේ සහ මතුරට. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න, ඉඹුල්පෙ, නිවිතිගල, වැලිගෙපොල, බලංගොඩ, කලවාන, ඇහැලියගොඩ සහ අයගම අනතුරු ඇඟවීමේ මට්ටම

2 ලෙස, කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල, අරනායක, කෑගල්ල සහ බුලත්කොහුපිටිය.   

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්


Gallery