හදිසි බිඳ වැටීමක් - මේ බැංකු සේවා, බෙදාහැරීමේ සේවා ඇතුළු ප්‍රධාන ඔන්ලයින් සේවා රැසකට බාධා - පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

Report

ගූගල් ක්ලවුඩ්හි ඇති වූ හදිසි ජාල බිඳ වැටීමක් නිසා බැංකු සේවා, බෙදාහැරීමේ සේවා සහ අධිකරණ වීඩියෝ සම්බන්ධතා ඇතුළු ප්‍රධාන ඔන්ලයින් සේවා රැසකට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව යුරෝපීය කලාපයේ පිහිටි බහුවිධ සේවාවන් වෙත මෙම ගැටළුව බලපා තිබෙන බව සඳහන්.

එසේම ගූගල් ආයතනය බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 07:00 පමණ වන විට මෙම තත්ත්වය හටගෙන ඇති බව තහවුරු කළ බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් ඔන්ලයින් බැංකු සේවාවක් වන 'රෙවොලුට්' හි පාරිභෝගිකයින් දහස් ගණනකට ගැටලු මතුවී තිබෙනවා.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

එසේම ලොයිඩ්ස් සහ හැලිෆැක්ස් වැනි බැංකු ද තම සේවාවන්ට බාධා පැමිණ ඇති බව පවසා ඇති බව වාර්තා වේ.

එහෙත් පාරිභෝගිකයින්ගේ මුදල් සහ දත්ත සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව 'රෙවොලුට්' ආයතනය නිවේදනය කර ඇති බව පවසයි.

ඊට අමතරව, එංගලන්තයේ සහ වේල්සයේ අධිකරණ කටයුතුවලට භාවිත කරන දුරස්ථ වීඩියෝ වේදිකාව (CVP) ද අඩපණ වී ඇති බැවින්, නඩු විභාග සහ වෙනත් නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව අපරාධ බැරිස්ටර්වරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙම තත්ත්වය ඩී.පී.ඩී (DPD) සහ රෝයල් මේල් වැනි බෙදාහැරීමේ සේවාවන්ටද බලපා තිබෙන අතර, පැන නැගී ඇති තාක්ෂණික ගැටළුව විසඳීමට ඉංජිනේරු කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වන බව ගූගල් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන බව වාර්තා වේ.

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්