අතිපූජ්ය කෙප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියන්ගේ ශ්රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අවසන් ගෞරව
By Kanchana
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) මහනුවර, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගොස්, ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්ය කෙප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ශ්රී දේහයට අවසන් ගෞරව දැක්වීය.
ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ, විහාරස්ථානයේ තැන්පත් කර ඇති නාහිමියන්ගේ ශ්රී දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා, මහා සංඝරත්නය වෙත සහ විහාරස්ථ දායක සභාව වෙත සිය ශෝකය ද පළ කළ බවයි.
අපවත් වී වදාළ අතිපූජ්ය කෙප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූහ.