අමාත්‍යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා.. කාවන්තිස්සට වෙඩි තිබ්බ විදිහ හොයන අයට නාමල්ගෙන් කනේ පාරක් - තුවක්කු ලැබුණ හැටිත් කියයි

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(20) දින පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ පසුගියදා මිය ගිය කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු කාරණය සම්බන්ධයෙන් මාසයක් හමාරක් යනකන් අවධානය යොමු නොවීම විශාල ගැටළුවක් බවයි.

එසේම ඔහු සඳහන් කළේ තුවක්කු ලබා දීම තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

පච්ච ගහලා කොණ්ඩේ වවලා හිටියොත් අත්අඩංගුවට.. බයේ හිටපු අයට අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

පච්ච ගහලා කොණ්ඩේ වවලා හිටියොත් අත්අඩංගුවට.. බයේ හිටපු අයට අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

"​දැන් මේ පරිසර අමාත්‍යාංශය කරපු ඒවා ගැන කතා කරනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු එක. මාසයක් හමාරක් යනකන් ඒ පිළිබඳ අවධානය යොමු නොවෙච්ච එක. ​අපි දන්නවා අලි මංකඩවල් සුද්ධ කරන්න ඕනේ. හැම ආණ්ඩුවක්ම කාලානුරූපව ඒක කරගෙන එනවා. හැබැයි කවුද තුවක්කු දුන්නේ? ඔබතුමාලාගේ අමාත්‍යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා පාර්ලිමේන්තුව ඇතුළේ කියලා, අර ජනාධිපතිතුමා කිව්වා වගේ සමහරවිට මෙයා පාර්ලිමේන්තුවේදී කියන්නෙ බොරු කියලා ජනාධිපතිතුමා කිව්ව එක තේරුම් ගත්තාද දන්නේ නැහැ තහඩුවක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා කිව්වා වගේ දිට්වා වෙලාවේ. ​හැබැයි ඉතින් ඇමතිවරයා උපදෙස් දීලා තමන්ගේ හේනට පැලට ගෙදරට සතෙක් ආවොත් වෙඩි තියන්න කියලා ඒකට තුවක්කුත් දීලා දැන් එනවා මෙතන මේ ඒක කොහොමද වුණේ කියලා කියන්න, මොනවද කරේ කියලා කියන්න. ​ඒ හින්දා ගරු නියෝජ්‍ය කථානායකතුමනි මෙතැන පැහැදිලිවම මේ තුවක්කු දීම තුළ වෙඩි තැබීමක් වෙලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි ඉතින් අද ඔබතුමාලා මේ සංවිධානාත්මක අපරාධ නවත්වන්න පනත් ගැන කතා කරනවා. හැම හන්දියක් ගානේම වෙඩි තියලා යනවා, එක පිට එක මරලා දානවා. ​ඉතින් අහවල් සත්තුන්ටත් වෙඩි තියන්න එක අහන්න දෙයක්ද? ඔව්, හිනා යනවා තමයි ඔයාලට කියනකොට මොකද කවුද තියන්නේ කියලා ඔයාලා දන්නවනේ. නැද්ද මන්ත්‍රීතුමා? තියෙන කට්ටිය කවුද, තුවක්කු දුන්නේ අය කවුද, ඒ අයව රකින්නේ කවුද කියලා දන්නවා. ඒවා වෙලාවට එළියට එයි. ඒවා ඔව් ඔව් කික් කික් කික් ගගා ඉන්න. වෙලාවට එනකොට තමයි කට්ටියට දුවන්න පාරවල් හොයාගන්න බැරි වෙන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ​අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණය හෙට අනිත් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා. දැන් ඔබතුමාලා තාක්ෂණය ගැන කතා කරනවා, දැන් පහුගිය කාලේ අග්බෝ ඇතා නැති වෙලා කියලා හොයන්න ගියා හතර වටේ, දැන් තාක්ෂණය පාවිච්චි කරන්න. තාක්ෂණය පාවිච්චි කරලා මොනිටරින් සිස්ටම් එකක් දාන්නේ නැතුව මොනවද කරන්නේ ඒකට මුදල් වෙන් කරන්න"

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්