ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

Report

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 සහ දෙසැම්බර් 01 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඇයට එරෙහිව චෝදනා 7ක් ගොනු කර ඇති අතර, ඉන් චෝදනා දෙකකට අදාළ සාක්ෂි විභාගය අද අධිකරණයේදී කැඳවනු ලැබීය.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

2014-2020 කාලසීමාව තුළ අසත්‍ය තොරතුරු නිකුත් කිරීම සහ වීසා නොමැතිව රැඳී සිටීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබූ අතර, ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයද අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට නියෝග කර තිබුණි. ඇප මත මුදාහැර සිටින ඩයනා ගමගේ මහත්මිය අද දින අධිකරණයේ පෙනී සිටියාය.

පැය ගාණකට පසු හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි

පැය ගාණකට පසු හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි