“ගෙයින් ගෙට ගොස් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය බලන වැඩපිළිවෙළ පුළුල් වෙයි” - නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක් [VIDEO]

Report

රට පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පමණ ස්ථාපිත කිරීමේ අරමුණ රෝහල් ඉදිකිරීම නොව, ජනතාවට තමන්ගේ නිවසට ආසන්නයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවස්ථාව සැලසීම බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියෙන් ප්‍රමාණවත් ලෙස ආවරණය නොවන ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.

ඒ අනුව, ජනගහනය වැඩිවීම, භූගෝලීය පිහිටීම සහ ප්‍රදේශවල භූවිෂමතාව වැනි හේතු නිසා ප්‍රාදේශීය රෝහල් හා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවලින් ආවරණය නොවන ප්‍රදේශ සඳහා මෙම සුවතා මධ්‍යස්ථාන යොමු කරන බව ඔහු පැවසීය.

“නාඩු වී අතිරික්තයක් තිබියදී කීරි සම්බා හිඟයක් ඇති වුණේ ඇයි?” - නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න හෙළි කරයි

“නාඩු වී අතිරික්තයක් තිබියදී කීරි සම්බා හිඟයක් ඇති වුණේ ඇයි?” - නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න හෙළි කරයි

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, "ගරු කථානායකතුමනි, ආරෝග්‍ය ශාලා දහක් හදනවා නෙමෙයි.

'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන' (Health and Wellness Centers) තමයි හදන්නේ.ඒක අපේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියේ කොටසක්. අපි 1978 අල්මා අටා ප්‍රඥප්තියෙන් තමයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට එකඟතාවය පළ කරේ. ඒක අපි ලෝකයක් හැටියට එකඟ වෙලා තිබෙනවා ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කරන්න ඕන කියලා. ඒ අනුව අපේ ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීමේදී ගරු මන්ත්‍රීතුමා, ප්‍රාදේශීය රෝහල් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව පී.එම්.සී.යූ. (PMCU) ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ප්‍රමාණයක් තිබෙනවා. අන්න ඒ ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක වලින් ආවරණය නොවන, ජනගහනය වැඩිවීම නිසා, භූවිෂමතාවය, මේ භූගෝලීය ප්‍රශ්න නිසා ආවරණය නොවන ප්‍රදේශ වලට තමයි මේ සුවතා මධ්‍යස්ථාන එන්නේ. එතකොට අපි හඳුනාගෙන තිබෙනවා දැනට සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රාථමික මධ්‍යස්ථාන 1000ක් පමණ පවතිනවා.මේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න තවත් ප්‍රාථමික මධ්‍යස්ථාන, නැත්නම් සුවතා මධ්‍යස්ථාන දහසක් පමණ උවමනයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරන්නේ බස්නාහිරින් සහ දකුණින් විතරද? - ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරක්

ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරන්නේ බස්නාහිරින් සහ දකුණින් විතරද? - ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරක්

මේක විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලට තමයි යොමු වෙන්නේ. නාගරික ප්‍රදේශ වලට ඔය අපිට තිබෙන මේ මොනවාද, මහල් නිවාස වලත් අපි ඒ කටයුතු ආරම්භ කරනවා. අපේ බලාපොරොත්තුව තිබෙන්නේ, මේ කරන්නේ ගරු මන්ත්‍රීතුමනි, ජනගහනය දසදහසකට (10,000කට) එක මධ්‍යස්ථානයක් ලබා දීලා, ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සම්පූර්ණයෙන්ම ඒ ජනගහනයේ දහාදහයේ සෞඛ්‍ය වගකීම් භාර දෙන එක. ඒ අනුව තමයි දැන් අපි ආරම්භ කරලා තිබෙන පයිලට් ප්‍රොජෙක්ට් (නියමු ව්‍යාපෘතිය) එකේ 39ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකේ ඉන්න අපේ පබ්ලික් හෙල්ත් නර්සිං ඔෆිසර් (මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනිය) ගෙයින් ගෙට ගිහිල්ලා ඒ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනවා. ඔබතුමා දකින්න ඇති ඇත්ඔය වගේ ප්‍රදේශවල, නැත්නම් මෙහෙ නුවර, පොල්ගොල්ලවත්ත ඇතුලු ප්‍රදේශවල ඒ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන් ගෙයින් ගෙට යනවා.

හෙටින් පසු සියල්ල යථා තත්ත්වයට - විදුලි කප්පාදුව ගැන පළ වෙන අසත්‍ය චෝදනාවලට නලින්දගෙන් ප්‍රකාශයක්

හෙටින් පසු සියල්ල යථා තත්ත්වයට - විදුලි කප්පාදුව ගැන පළ වෙන අසත්‍ය චෝදනාවලට නලින්දගෙන් ප්‍රකාශයක්

අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරින් එ වගේ ගිහිල්ලා, ඒ ප්‍රෙෂර් ) එක බලන එක, සීනි බලන එක ආදී දේවල් බලලා අවශ්‍ය රෝගීන් යොමු කරනවා ඒ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයට. හා එතනින් එහාට ද්විතීයික, තෘතීයික මධ්‍යස්ථාන වලට. මේකෙන් තමයි අපි දැන් මුහුණ දෙන බෝ නොවන රෝග වල අභියෝගයට නිසි උත්තරයක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක මේ අපි හොයාගත්ත එකක් නෙමෙයි, ලෝකෙම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා මේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සහ අපේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව සමාලෝචනය කරලා, හොඳ විමර්ශන වාර්තාවකුත් අපිට දීලා ගිහිල්ලා තිබෙනවා. ඒ ඔක්කොම උදව් කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේක සංකල්පයක් හැටියට, මූලධර්මයක් හැටියට, ප්‍රතිපත්තියක් හැටියට පිළිගත්ත එකක්. පහුගිය රජයනුත් මේක උත්සාහ කරා, නමුත් ඒ උත්සාහයත් අපි තවත් සාර්ථක කරලා, සංවර්ධනය කරලා ඉස්සරහට අරගෙන යනවා. ඒක තමයි... ඒ නිසා මේකට විරුද්ධ වෙන්න එපා.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ නිවේදනයක්

ත්‍රිකුණාමලයේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ නිවේදනයක්

මේ ආරෝග්‍ය ශාලා නොවෙයි, ඔබේ ගමේ, ඔබේ ගමේ ඔබ නියෝජනය කරන ප්‍රදේශ වල ඉන්න ජනතාවට පහසුවෙන්, සාමාන්‍යෙන් කිලෝමීටර් දෙකක් උපරිම දෙක හමාරකින් ඒ ජනතාවගේ සෞඛ්‍ය රැක බලාගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහ ස්ථානයකුයි මේ ලබා දෙන්නේ. ලබන වසර වෙනකොට මේ කටයුතු බොහෝ අවසන් වෙනවා. අපි අලුතෙන්ම හදනවාත් නෙමෙයි හැම එකක්ම. අලුතෙන් හදන ප්‍රමාණයකුත් තියෙනවා, හැබැයි දැනට පවතින රජයේ ගොඩනැගිලි සහ සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති සමහර අපේ මාතෘ හා ළදරු සායන නවීකරණය කරලා, Expand (එක්ස්පෑන්ඩ්) කරලා, ඒ පහසුකම් ලබා දීලා මේ කටයුතු කරනවා. ඒකට අවශ්‍ය කරන පී.එචි එන්.ඕ. වල පුහුණුකරගෙන යනවා, අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවාගෙන යනවා. වෛද්‍යවරුත් අපේ දැන් අලුතෙන් බඳවා ගන්නා වෛද්‍යවරු ප්‍රමාණයකුත් මේවට අනියුක්ත කරනවා. එහෙමයි මේ කටයුතු සිදු වෙන්නේ."   

[