මේ පච්චයක් විතරක් ගැහුවොත් අල්ලනවා.. කොණ්ඩේ වවන් හිටියොත්, රැවුල වවන් හිටියොත් IRCකාරයා කියලා ගිහින් දානවා - නාමල් කට අරී
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද(20) දින පාර්ලිමේන්තුව අමතමින් විමසා සිටියේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද යනුවෙන්.
ඒ අනුව මෙය තනිකර මර්ධනයක් යනුවෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ,
"මම දැක්කා අර අධිකරණ ඇමතිතුමා කියනවා පච්ච ගහන් හිටියා මල්ලිලා නංගිලා, එක්තරා පච්චයක් විතරක් ගැහුවොත් අල්ලනවා, ඒකට පනතක් ඕනේද? සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ආ ඒක අල්ලන්න පුළුවන්නේ. තනිකර මේ මර්ධනයට ඔබතුමන්ලා දැන් අර ඉස්සර තිබ්බා නියෝජ්ය කථානායකතුමනි IRC කියලා, නේද? IRC කියලා අහු වුනහම, IRC කොණ්ඩේ වවන් හිටියොත්, රැවුල වවන් හිටියොත් IRCකාරයා කියලා ගිහින් දානවා. දැන් ඔබතුමන්ලාගේ 80, 89 මේ න්යායපත්රය දැන් ඒක ගෙනැල්ලා ගේන්න හදනවා නීතියක් කරලා. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඔබට කියන්නේ කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්න එපා." යනුවෙන්.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්