ඥානසාර හිමියන් උදෙසා කළ සාම පාගමන ආණ්ඩුව පෙරළීමේ එකක් නොවෙයි - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව සිදුකළ සාම පාගමන ආණ්ඩුව පෙරළීමේ අරමුණින් ක්‍රියාත්මක කළ එකක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

අද (20) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, ඥානසාර හිමියන් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා සිදුකරන ක්‍රියාකාරකම් දේශපාලන ගමනක් ලෙස අර්ථකථනය කිරීම ප්‍රතික්ෂේප කරන බවත්, එම පිරිස එක්ව සිටින්නේ සිවුර සහ බුදු දහම වෙනුවෙන් පමණක් බවත්ය.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ඥානසාර හිමියන් ජාතිවාදයේ හෝ දේශපාලනයේ නිරත නොවන බවත්, නැති ආගම්වාදයක් සහ ජාතිවාදයක් මවාපෑමට ඇතැමුන් උත්සාහ කරන බවත් උන්වහන්සේ පැවසූහ.

යම් කරුණක් සම්බන්ධයෙන් රජයට විරුද්ධව අදහස් දැක්වීම ආණ්ඩුව පෙරළීමේ උත්සාහයක් ලෙස සැලකිය නොහැකි බවත්, භික්ෂූන් වහන්සේලාට තම මතවාද සාමකාමීව හා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

දිස්ත්‍රික්ක 5කට හදිසි නායයාමේ අනතුරු ඇඟවීමක්! පැය 24කට NBRO එකෙන් රතු එළියක්

දිස්ත්‍රික්ක 5කට හදිසි නායයාමේ අනතුරු ඇඟවීමක්! පැය 24කට NBRO එකෙන් රතු එළියක්

එමෙන්ම ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කළ ආකාරය වැරදි බවත්, එම ගැටලුව විසඳෙන තෙක් අදාළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.