බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

Report



දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) නවතම චක්‍රලේඛයට අනුව, බැංකු ගනුදෙනු කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මහජන බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව, බැංකු ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය කාඩ්පතක් (Credit Card) සඳහා අයදුම් කිරීමේදී අදාළ TIN සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.

මෙම නව රෙගුලාසිය 2026 නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මහජන බැංකුව සිය ගනුදෙනුකාර භවතුන් වෙත දැනුම් දෙයි.

Gallery

ඒවගේම   මහජන බැංකුව විසින් මුදල් ත්‍යාග පිරිනමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බැංකුව දැනුම් දෙයි.

මෙවැනි වංචනික පණිවිඩවලට නොරැවටෙන ලෙසත්, ඒවායේ අඩංගු සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් මහජන බැංකුව සියලුම ගනුදෙනුකරුවන්ට අවධාරණය කරයි.

එමෙන්ම, අනවසර වෙබ් අඩවි හරහා බැංකු ගිණුම් තොරතුරු, මුරපද, රහස්‍ය අංක හෝ වෙනත් පෞද්ගලික තොරතුරු කිසිවිටෙකත් හුවමාරු කර නොගන්නා ලෙස ද බැංකුව අනතුරු අඟවයි.

එබැවින්, මෙවැනි වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙසත්, තම මුදල් සහ පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙසත් මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී