ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දෙන්න බැරිද? රටම කතා වුණ ප්‍රශ්නෙට නලින්දගෙන් දැඩි පිළිතුරක්

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව රජයට කටයුතු කළ නොහැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත.

අද (20) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිරගතව සිටින ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීමට රජය නොහැකි ඇයිද යන්න සම්බන්ධව අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදුකර තිබුණා.

එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ වර්තමාන රජය බලයට පත්වන්නේම නීතියේ විධානය සහ ආධිපත්‍ය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවී හැසිරීමට රජයට නොහැකි බවයි.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"එළියේ ඉන්න හාමුදුරුනමක් ආණ්ඩුවෙන් ගිහිල්ලා කොහේ හරි බන්ධනාගාරගත කරලා නෙමෙයි. මේක අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක්... වරදක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙලා ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පස්සේ දි හැමතැනකම කණ්ඩායම් එකතුවෙලා ඉල්ලන්න පටන් ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවී හැසිරෙන්න කියලා රජයකට එහෙම කරන්න බෑ. මේ රජය බලයට පත්වෙන්නෙම නීතියේ විධානය සහ ආධිපත්‍ය නිවැරදිව ක්‍රියාත්මක කරන්න කියලා. තරාතිරම හරි, නිලය හරි, බලය හරි ඉදිරියේදී නීති නමන්නේ නැතිව සැමට නීතිය සාධාරණය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රජයට ඡන්දය නොදීපු ජනතාව පවා. ඉතිං ඒ අනුව තිබෙන නීති ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු කරනවා."

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්