ආනයනික මෝටර් රථ සහ ත්රිරෝද රථ ටයර්වලට තද බල නීති - ශ්රී ලංකා ප්රමිතිය අනිවාර්ය කරමින් ජනාධිපතිගෙන් හදිසි කැබිනට් යෝජනාවක්
දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරී පසුබිමක් සහතික කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ආනයනික මගී මෝටර් රථ ටයර් සහ ත්රිරෝද රථ ටයර් සඳහා ශ්රී ලංකා ප්රමිති අනිවාර්ය කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත
ඒ අනුව, මගී මෝටර් රථ ටයර් සඳහා ශ්රී ලංකා ප්රමිති 1212 සහ ත්රිරෝද රථ සඳහා භාවිත කරන වායු පිරවූ ටයර් සඳහා ශ්රී ලංකා ප්රමිති 1347 නියම කරමින්, 2026 ඔක්තෝබර් 01 වැනි දිනැති අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් 2026 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පනවා ඇති බව වාර්තා වී තිබේ
එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.